රටේ ලෝකේ වෙන දේවල් ගැන අවධානෙන් ඉන්න එක විශේෂයෙන් මේ දවස් වල අත්‍යවශ්‍යම දෙයක්.SMS News Alerts කියන්නේ ප්‍රවෘත්තියක් එසැණින් අපේ ජංගම දුරකතනවලට ගෙන්න ගන්න පුලුවන් වැදගත් සේවයක්.ලංකාවේ දැනට තියෙන මාධ්‍ය ආයතන සහ වෙනත් ප්රවෘත්ති සපයන ආයතන බොහොමයක් විසින් මේ සේවාව සපයනව.නමුත් මේ සඳහා මාසික,දෛනික විදියට විවිධ අය කිරීමක් කරනවනේ.මේ ලිපියෙන් කියල දෙන්නේ කිසිම අය කිරීමකින් තොරව ඕනෑම ජංගම දුරකතනයකට (ස්මාර්ට් හෝ සාමන්‍ය) News Alert ගෙන්ව ගන්නේ කොහොමද කියලා.සාමාන්‍ය SMS Alert වලින් ඔයාලට ගෙන්ව ගන්න පුලුවන් දේශීය මාධ්‍ය විසින් සපයන ප්රවෘත්ති විතරක් වුණාට මේ කියාදෙන ක්‍රමයට ඔයාට පුලුවන් විදේශීය පුවත් සේවයක ප්රවෘත්ති වුණත් SMS එකකින් බලාගන්න පුලුවන්.
කොහොමද මේක වෙන්නේ
මෙතෙන්දි අපි භාවිතා කරන්නේ Twitter කියන සමාජ ජාලය සපයන SMS Notification සේවාව.මෙතෙන්දි වෙන්නේ අදාළ ප්රවෘත්ති සපයන සාමාගම Twitter වල පෝස්ට් එකක් එහෙම නැත්නම් Tweet එකක් දාපු ගමන් ඒ Tweet එක SMS එකක් විදියට අපේ දුරකතනයට එන එක.කොහොමද Activate කරගන්නේ
Activate කරගන්න ක්‍රම දෙකක් තියෙනවා.ඉස්ස්සෙල්ලාම කියල දෙන්න යන විදියට Activate කරගන්න නම් ඔයාට Twitter Account එකක් තියෙන්න ඕනේ.ඒ Account එකට Phone Number එකක් (SMS Alerts එන්න ඕන නම්බර් එක) Add කරලා තියෙන්න ඕන වගේම Account එකේ SMS Notification On කරලා තියෙන්න ඕනේ.එහෙම Settings හදලා නැත්නම් පහළ පෙන්වලා තියෙන පිළිවෙලට Settings හදාගන්න.Phone Number එකක් Add කරල Notification On කරන විදිය
- මේ ලින්ක් එකෙන් ගිහින් Twitter Account එකේ Settings Page එකට යන්න 👉 https://twitter.com/settings/account
- ඊට පස්සේ Notifications 👉 SMS Notifications 👉 Phone Number වලට ගිහින් Phone Number එක Add කරන්න. පහළ පෙන්වලා තියෙන විදියට Tweets වලට Tick එකක් වැටිල නැත්නම් ඒ Tick එකත් දාන්න.
දෙවනි ක්‍රමය - ස්මාර්ට් පෝන් නැති; Twitter Account නැති අයට
මේ ක්‍රමය භාවිතා කරනවනම් ඔයාට Twitter Account එකක් තිබීම අත්‍යවශ්‍ය නෑ.කරන්න තියෙන්නේ පොඩි මැසේජ් එකක් යවන එක විතරයි.Follow ******* විදියට Type කරලා 40404ට Send කරන්න.මෙතන ******* වෙනුවට දෙන්න ඕනේ News Providerගෙ Twitter Username එක.
උදා:-අද දෙරණ පුවත් News Alerts Activate කිරීමට Follow adaderanasin ලෙස Type කර 40404ට Send කරන්න.
මේ යවන SMS එකට සාමාන්‍ය SMS එකක් යවනකොට අය වෙන ගාණ අයවෙනව.ඊට පස්සේ කිසිම අය කිරීමක් වෙන්නේ නැහැ.
කොහොමද Twitter Username හොයාගන්නේ?
Twitter වෙබ් අඩවියෙන් Search කරලා පහළ විදියට Username එක හොයාගන්න පුලුවන්.Account එකක් නැතුව වුණත් Search කරන්න පුලුවන්.මෙතන @සළකුණට පස්සේ තියෙන කොටස තමයි අදාළ Account එකේ Username එක වෙන්නේ |
Service එක Deactivate කරගන්න ඕන වුණොත් මොකද කරන්නේ?
Twitter Account එකක් තියෙන කෙනෙක් නම් Twitter Account එකට ගිහින් Service Providerව Unfollow කරන්න.SMS එකකින්ම Deactivate කරන්න අවශ්‍ය නම් Unfollow ******* කියල Type කරලා 40404ට Send කරන්න.මෙතන ******* වෙනුවට දාන්න ඕනේ Service Providerගෙ Twitter Username එක.
ඔබේ පහසුවට Twitter Usernames කිහිපයක්
ලංකාවේ සහ පිටරට News Alert ගන්න හොඳ Twitter Account කීපයක Username පහළින් දාන්නම්.මේ විදියට ඔයාට ඕනම Twitter Account එකක Notifications ගෙන්න ගන්න පුලුවන්.
- අද දෙරණ සිංහල - adaderanasin
- Ada Derana English - adaderana
- Ada Dearana 24 - AdaDerana_24
- Hiru News - hirunews
- BBC World - BBCWorld
- CNN - CNN
- ESPN Cricinfo - ESPNcricinfo
0 Comments