Hot Posts

6/recent/ticker-posts

නෝට්ස් වල ෆොටෝ ගහන්න මෙන්න ඇප් එක


අපි ලෙක්චර්ස් යන්න කම්මැලිකමට එක යාළුවෙක්ට දහ පහළොස් දෙනෙක්ගේ අත්සන් ගහන්න කියලා සෙට් එක පිටින් ම කට්ටි පැනලා විභාගේ අතළඟට ආවාම තමයි මතක් වෙන්නේ නෝට්ස් ටික තිබුණා නම් හොඳයි කියලා. එතකොට ඉතින් ලෙක්චර්ස් ගියපු යාළුවොන්ට කරදර කරලා එයාලාගේ නෝට් ඉල්ලගෙන ඒවායේ ෆොටෝ අරගෙන තමයි වැඩේ ගොඩ දාගන්නේ. මෙහෙම ෆොටෝස් ගත්තාම ඒවා බොහෝ වෙලාවට පැහැදිලි නැහැ. පොතේ නැමුම් දාර ආසන්නයේ තිබෙන දේවල් ඇදවී යන නිසා ඒවා කියවන්නත් අපහසුයි. ඒත් ලිපිගොනු නැමුම් රහිතව ස්කෑන් කරන්න පුළුවන් අපූරු යෙදුමක් තමයි Office Lens කියන්නේ.


මෙහි කැමරාවෙන් අපිට අවශ්‍ය පොත, ලිපිය, ගුරුතුමා ලියපු වයිට්බෝඩ් එක විතරක් නෙවෙයි ඉතා කුඩා බිලක් වුණත් අංශක 90ට කැමරාව සකසන්නට සහ විවිධ ඡායාරූපකරණ ශිල්පීය දක්ෂතා කිසිවක් නැතුව ඕනෑවට එපාවට ඡායාරූපයක් ගත්තත් එය නිසි ආකාරයෙන් ළඟට ම ගිහින් එක එල්ලේ ගත්තු පින්තූරයක් වගේ අපූරුවට සකසා දෙනවා.

 මේ නිසා ඔබට එහා පැත්තේ ඉන්න යාළුවාගේ පොතේ තිබෙන දෙයක් වුණත් පොත ළඟට ඉල්ල ගන්නේ ම නැතිව ඡායාරූපගත කරගන්නට පුළුවන්. ඔබට තිබෙන්නේ එම යෙදුමේ කැමරා දසුන මත ඇඳෙන සුදු පැහැති කොටුව නිසිආකාරව සැකසෙන තෙක් කැමරාව ටිකක් එහාට මෙහාට කිරීම පමණයි.
මේ වෙනකොට මේ ඇප් එක Google Play Store,Apple App Store වගේම Windows දුරකතන සහ Windows app store පාවිච්චි කරන්න පුලුවන් පරිගණක සඳහාත් (Win8 සිට ඉහළට) මේ වෙනකොට මේ ඇප් එක නිකුත් වෙලා තියෙනවා.ලින්ක් හොයාගන්න අමාරුනම් පහළ ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න.ගැටලු තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න.

Post a Comment

0 Comments