Hot Posts

6/recent/ticker-posts

Torrent Direct බාමු

SEEDR.CC

Torrent කියන්නෙ ඉතින් අමුතුවෙන් කියල දෙන්න ඕන දෙයක් නෙමේනේ.Torrent Direct Link විදියට Download කරන කත් දැන් අමුතුවෙන් කියල දෙන්න තරම් දෙයක් නෙවේ.නමුත් තාම බොහෝ අය දැනුවත් නැති SEEDR.CC වෙබ්සයිට් එක ගැන තමයි මේ කියන්න යන්නේ.
සාමාන්‍යයෙන් Seeding ගොඩක් අඩු Torrent Direct Links වලින් බානකොට Speed එක වැඩියි.මේ සඳහා Torrent Caching Service ඕන තරම් Google කළොත් හොයාගන්න පුලුවන්.හොයාගන්නවටත් වඩා ඔයගොල්ලො දැනටමත් දන්නව ඇති.උදාහරණයක් විදියට ගොඩක් දෙනා පාවිච්චි කරන ZBIGZ.COM වෙබ් සයිට් එක දක්වන්න පුලුවන්.නමුත් මං අද මේ කියන වෙබ්සයිට් එකේ ඊට වඩා ගොඩාක් පහසුකම් සපයල තියෙනවා.

මොනවද Features?

සාමාන්‍ය විදියටම Torrent Caching Option එක තියෙනව මේකෙත්.ඒ කියන්නෙ .toorent File එක Upload කරලා හරි magent URL එකෙන් හරි Torrent Links Direct Links වලට හරවගන්න පුලුවන්.නමුත් විශේෂත්වය තමයි Register වෙනකොට 2GB Cloud Storage එකක් අපිට ලබා දෙනවා File Manager එකක් එක්කම.නොමිලේ 2GB දෙනව කියන්නෙ හොඳ ගාණක්.මොකද ZBIGZ එකේ පවා නොමිලේ උපරිම දෙන්නේ 1GBවිතරයි.එතකොට කෙනෙක් කියන්න පුලුවන් 1GBට වඩා දෙන සයිට්ස් ඕන තරම් තියෙනව කියල.නමුත් ඒ හැම එක්කම වගේ Link නිශ්චිත කලයක් ඇතුළත Expire වෙනවා.ඒ වගේම තමයි Seeds අඩු වුණ ගමන් Link එක Server එකෙන් අයින් වෙනවා.ඔය වගේ ගොඩක් අව්ල් තියෙනවා.ඒ වගේම තමයි අපිට Generate කරල දෙන්නේ Link එක විතරයි Download කරන්න කලින් File Manage කරන්න එහෙම නැත්නම් අවශ්‍ය File එක විතරක් බාගන්න බෑ.
නමුත් මේ වෙබ්සයිට් එකෙන් අපිට පුලුවන් Torrent එකක් Download කරලා අපේ Cloud Storage එකේ Save කරගන්න.ඊට පස්සේ ඕන වෙලාවක Download කරනවා.අපි Delete කළොත් මිසක් Link Banned වෙන්නේ නෑ Seedersල ඕනෙම නෑ.ඕන File එක විතරක් තෝරලා ඕන නම් එහෙම Download කරගන්න පුලුවන්.
File Mnager
එතකොට ඊළඟට ඇතිවෙන ප්‍රශ්නෙ තමයි 2GBට වඩා ලොකුයි නම් Cloud Storage එකේ තියාගන්න බෑ නේද කියන එක.ඔව් ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.ඒත් ඒකටත් විසඳුමක් තියෙනවා.පහල පෙන්වලා තියෙන Campaign වලින් ඔය 2GB Storage එක 7GB වලට යනකන් අප් කරගන්න පුලුවන්.
  • Twitter Post - 500MB
  • Blog Post - 500MB හොඳ පෝස්ට් එකක් නම් 1000MB
  • Youtube Video - 1GB
  • Pinterest - 500MB
Campaign
ඔය හතරෙන් Twitter Post එකයි Pinterest Pin එකයි කරල ලේසියෙන්ම 1GB Add කරගන්න පුලුවන්.අනිත් දෙකට නම් පොඩි කට්ටක් කන්න ඕන ඉතිම් 😔 සේරම කළොත් එතනම 3GB සේරම 5GB එතකොට.හැබැයි ඉතින් එකක් එක පාරයි ඈ 😖
අනිත් ක්‍රමේ තමයි Referrel Share කරන එක.නමුත් වෙන වෙබ් සයිට් වල වගේ  දිගට හරහට Refferrel වලින් හම්බකරන්න බෑ.එක එකවුන්ට් එක්කට හම්බවෙන Link එක වලංගු වෙන්නෙ 4 දෙනෙකුට විතරයි.Refferrel Link එකෙන් Register වෙන එකේ වාසියක් දෙන්නටම තියෙනවා.මොකද දෙන්නටම 500MB හම්බවෙන හන්දා.එතකොට එතනින් 2.5GB වගේ හොයාගන්න පුලුවන්.එතකොට සේරම 7.5GB 😊 ඒ Storage එක ඉතිම් Film 3ක් වගේ Store කරල තියාගන්න ඇතිනේ.එකක් බාලා ඒක ඩිලීට් කරනවනේ.
ඕං එහෙනම් මගේ Refferrel එක පහළ තියෙනවා පළවෙනියටම Register වෙන 4දෙනාට Register වෙනකොටම කොහොමත් ලැබෙන 2GBට අමතරව 500MB ගන්න පුලුවන් පහළ ලින්ක් එකෙන් Register වුණාම.

Post a Comment

0 Comments