MultCloud
මේ සේවාවේ ප්‍රධානම පරමාර්ථය තමයි අපි පාවිච්චි කරන Google Drive,Dropbox,One Drive වගේ සේරම Cloud Services එකම තැනින් Control Manage කරන්න ඉඩ සලස්වා දෙන එක.පහත Screenshot එක බලපු ගමන් ඔයාලට තේරෙවි මම ඒ කිව්වේ මොකක්ද කියලා.
File Explorer |
මේ සේවාව ප්‍රධාන පෙලේ Cloud Services සේරටම වගේ Support කරනවා.දැනට Support කරන Cloud Services ටික තමයි මේ.
- Dropbox
- Google Drive
- Amazon Drive
- One Drive
- Amazon S3
- box
- Media Fire
- OwnCloud
- SugarSync
- Alfresco
- Flickr
- HubiC
- Evernote
- Mega
- Egynyte
- CloudMe
- Cubbby
- MyDrive
- WEB.DE
- Yndex
- HiDrive
- ADrive
- BaiDu
Cloud Services |
මේකෙ තියෙන තවත් වාසියක් තමයි Cloud Service එකෙන් ලබ නොදෙන පමණක් පහසුකම් පවා මේ හරහා අපිට සිදු කරගන්න පුලුවන්.ඔයගොල්ලෝ දන්නවා Google Drive,Dropbox වගේ බහුලව භාවිතා වෙන Cloud Services URL වලින් File Upload කරන්න දෙන්නේ නෑ.නමුත් මේකේ තියෙන URL Tasks Option එකෙන් අපිට අපි කැමැති Cloud Service එකට File එක කෙලින්ම Upload කරන්න පුලුවන්.
Tasks --> URL Tasks |
තවත් පහසුකමක් තමයි මේ Sync කියන පහසුකම.උදාහරණෙකින්ම පැහැදිලි කරන්න්ම්.ඔයගොල්ලනට ඕන නම් Dropbox එකේ තියෙන සේරම Files ඔක්කොම එකපාර Google Drive එකට Copy කරන්න ඔයගොල්ලනට මේ Sync කියන Option එක භාවිතා කරන්න පුලුවන්.මේක One way වගේම Two wayත් පුලුවන්.Two way Sync එකේදි සිද්ධ වෙන්නේ Google Drive එකේ Files Dropbox එකට Copy වෙන අතරම Dropbox එකේ Files Google Drive එකටත් Copy වෙන එක.මේ සරල හැඳින්වීමක් විතරයි.ලැබෙන ප්‍රතිචාර අනුව පුලුල් විස්තරයක් ලබා දෙන්නම් තව සටහනකින්.
Sync |
ඒ වගේම මේ සයිට් එකෙන්ම Download Link Share කරන්නත් පුලුවන්.
මේ සේවාව සම්පූර්ණයෙන්ම ලබා දෙන්නේ නොමිලේ.පහළ දාලා තියෙන ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න පුලුවන්.
---------- http://bit.ly/2hHppMa ----------
සාමන්‍යයෙන් මේ සේවාව ලබා දෙන Websites ඕන තරම් Google කළොත් හොයාගන්න බැරි කමක් නෑ.ඒත් විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුලුවන් Websites අතර MultCloud ඉහළින්ම ඉන්නවා කියන්න පුලුවන්.
ප්‍රශ්න තියේනම් කමෙන්ට් කරන්න.Share කරම්න :3
0 Comments