Hot Posts

6/recent/ticker-posts

Phishing සයිට්ස් කියන්නේ මොනාද

සරල හැඳින්වීම

Phishing සයිට්ස් පාවිච්චි කරන්නේ Online Accounts වල Userneme Password හොරකම් කරන්න.මේක Facebook,Gail,Yahoo වගේ Account වගේම Bank Account වල වගේ ඉතාමත් රහස්‍යගත Account වල වුණත් Username Password හැක් කරන්න මේ ක්‍රමෙන් පුලුවන්.
හැක් කිව්වට ඉතින් මේ වගේ ප්‍රාථමික වැඩ වලට හැකිං කියන එක වැරදියි.දැනට එහෙම කියමුකො :/ 
මේකෙදි වෙන්නේ හැකර් විසින් Original වෙබ් සයිට් එකේ Interface එකට බොහෝ දුරට සාමාන විදියට Fake වෙබ්සයිට් එකක් හදනවා.බැලූ බැල්මට කිසිම වෙන්සක් පේන්නේ නෑ.ඊට පස්සේ හැකර් ඒ වැබ් සයිට් එකේ ලින්ක් එක ඔයාට එවනවා.මේක එවද්දිත් එවන්නේ සිත් ඇඳගන්නා සුලු විදියට.(ඔයා මේක දිනලා Gift එක Claim කරන්න මේ ලින්ක් එකෙන් එන්න වගේ Tricks ;) )
ඉතින් ඒක ක්ලික් කරලා ඔයා ඒ Fake වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ ඇත්ත වෙබ්සයිට් එක කියලා හිතාගෙන ඔයාගේ Username Password ඇතුළත් කරපු ගමන් හැකර්ට ඒ Username Password ලැබෙනවා.

කොහොමද Phishing සයිට් එකක්ද කියල අඳුරගන්නේ

මං උඩින් කිව්ව වගේ බොහෝ වෙලාවට Phishing සයිට්ස් හදන්නේ Original වෙබ් සයිට් එකේ Login Page එකට සමාන විදියට.ඒ වෙලාවට කරන්න පුලුවන් ලේසිම දෙයක් තමයි Browser එකේ Address Bar එක Check කරන එක.
ඒ කිව්වෙ අපි හිතමු හැකර් ඔයාට Facebook Phishing සයිට් එකක් එවලා කියලා.පෙනුමෙන් නම් Facebook වගේමයි.ඒ වෙලාවට Address Bar එක Check කළාම එතන තියෙන්නේ facebook.com Domain එක නෙවෙයිනම් ඒක Phishing සයිට් එකක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි.ඒක හරියටම තහවුරු කරගන්න පොඩි Trick එකක් කියන්නම්.ඒ වෙලාවට එතන බොරු Username Password ගහල Enter කරල බලන්න.එතකොට වෙන්න ඕන දේ නැතුව වෙනින් වෙනින් මගුලක් ආවොත් ඒ කියන්නෙ ඒක Phishing සයිට් එකක්.(වෙන්න තියෙන ඉඩකඩ වැඩියි)
අනිත් එක තමයි Browser එකේ දැනටමත් Facebook Log වෙලා ඉදිද්දී ආපහු Username Password ඉල්ලන්න ඕන නෑනේ :p (සාමාන්‍ය දැනීම ;) )
ඔය කිව්වෙ උදාහරණයක් විතරයි.
හැබැයි හැම තිස්සෙම ඔය විදියටම Phishing සයිට්ස් එන්නේ නෑ.අපි හිතන්නෙවත් නැති විදියට වුණත් Phishing සයිට්ස් එන්න පුලුවන්.පහළ Screen shot එකේ පෙන්වලා තියෙන්නෙ එහෙම අවස්ථාවක්.

Example
මේකෙදි ඔයගොල්ලන්ට පේනව ඇති Facebook App එකක් විදියට තමයි මේ Phishing සයිට් එක හදල තියෙන්නෙ.මේක Phishing සයිට් එකක් කියල අපිට අඳුරගන්න පුලුවන් මේකේ අපි Facebook Log වෙලා ඉදිද්දිම අපෙන් Username Password ඉල්ලනව ලොග් වෙන්න. 😔 අන්න එතනින් අපිට මේක Phishing සයිට් එකක් කියල අදුරගන්න පුලුවන්.
ඒ වගේම තමයි Apps,Software විදියට වුණත් Phishing සයිට්ස් හදන්න පුලුවන්.මේව අඳුරගන්න නම් ඉස්සෙල්ල කිව්ව වගේම සාමාන්‍ය දැනීම තමයි ඕන.ඒක ඉතින් මෙහෙමයි කියලා සීමාවක් ඇතුළෙ පැහැදිළි කරන්න බෑ. 😔

හැකර්ගෙන් ආතල් ගන්න 


යම් වෙබ්සයිට් එකක් Phishing වෙබ්සයිට් එකක් කියලා හරියටම අඳුරගත්තයින් පස්සේ බොරු Username Password ගහල බලන්න.නිකන් කුණුහරුපෙන් බැනල වගෙ :3
ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් කරන්න.

Post a Comment

0 Comments