ලංකාවේ බැංකු ක්ෂේත්රය තුළ Digital තාක්ෂණය හදුන්වා දීමත් සමග පාරිභෝගිකයන්ට හදුන්වා දීපු දෙයක් තමයි Digital Bank Accounts කියන්නේ,ඇතැම් අය මේව Mobile Wallets කියලත් හදුන්වනවා.නමුත් Digital Bank Accounts සහ Mobile Wallets කියන්නේ දෙකක්,අපි මේ ලිපියෙන් කතා කරමු,Digital Bank Accounts කියන්නේ මොනවද,ඒව Mobile Wallets වලින් වෙනස් වෙන්නේ කොහොමද පිළිබදව.
මොකක්ද Digital Bank Account එකක් කියන්නේ
Digital Bank Account එකක් කියන්නේ සරලවම බැංකුවට යන්නේ නැතුව ගෙදර ඉදන් Open කරන්න පුලුවන් Online Banking පහසුකම සහිත බැංකු ගිණුමක්.ඒ වගේම මේ ගිණුමෙන් ගණුදෙනු කරන්න පවා කිසිම විටෙක බැංකුවකට යාම අවශ්‍ය වෙන්නේ නෑ.ඒ වගේම Online Payments කිරීමෙ හැකියාවත් මේ ගිණුම් සතුයි.ලංකාවේ දැනට තියෙන Digital Bank Accounts කිහිපයක් සදහා උදාහරණ පහළින්
- Frimi - Nations Trust Bank
- Flash - Commercial Bank of Ceylon
- CIM - LB Finance PLC
- SOLO - Hatton National Bank
Mobile Wallets සහ Digital Bank Accounts වල වෙනස මොකක්ද?
Mobile wallets සහ Digital Bank Accounts වල ප්‍රධානම වෙනස තමයි Digital Bank Accounts සේවාව සපයන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වාණිජ බැංකු හෝ මූල්‍ය ආයතනනයක් මගින්.ඒ වගේම මේ ගිණුම් වල නියාමනයත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමාන්‍ය බැංකු ගිණුම් නියාමනයන්ට යටත් වෙනවා.
නමුත් Mobile Wallets සේවාවන් සැපයීම් කරන්නේ බොහෝ විට පෞද්ගලික සමාගම් විසින් වගෙම මේවායේ ප්‍රධාන අරමුණ ගෙවීම් කටයුතු සිදු කිරීම පමණයි.ඒ වගේම ගණුදෙනු කළ හැකි මුදල් ප්‍රමාණය (Transaction Amount) Digitan Bank Account එකකට සාපේක්ෂව අඩුයි.ලංකාවේ දැනට තියෙන Mobile Wallets සේවාවන් කිහිපයක් පහළින්.
- eZ Cach
- mCash
- Orel pay
- U pay
- i Pay
Digital Bank Account එකක Mobile Wallet වලට වඩා තියෙන වාසි මොනවද?
Digital Bank Account එකක Mobile Wallets වලින් සපයන Payment සේවාවන් සියල්ලම පාහෙ තියෙනවා ඊට අමතර තියෙන වාසි කිහිපයක් ගැනයි මේ.
බැංකුවක/මූල්‍ය ආයතනයක ආරක්ෂාව සහ විශ්වාසය
මුදල් කියුවම ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන දෙයක්නේ ආරක්ෂාව.මේ අපි කතා කරපු Digital Bank Accounts සහ Mobile Wallets කියන දෙකම තාක්ෂණය මත පදනම් වූ දේවල් නිසා විවිධ තාක්ෂණික දෝෂ නිසා මොකක්හරි අව්ලක් වුණොත් අපිට Call Center කතා කරලා සෑහීමකට පත්වෙන්න බැරිනම් අදාළ බැංකුවේ හෝ මූල්‍යාතනයේ ශාඛාවට ගිහින් Complain කරන්න අපිට හැකියාව තියෙනවා.නමුත් Mobile Wallets සේවාවන් සපයන සමාගම් වලදි අපිට අපේ ගැටලු ඉදිරිපත් කරන්න වෙන්නේ දුරකතන ඇමතුම් හරහාම පමණයි.
විශේෂයෙන්ම බැංකු බැංකු අතර සිදුකරන ගනුදෙනු කිරීම් වලදී ඔයාගේ අතින් වැරදි ගිණුමකට සල්ලි ගියොත් ඒ ගනුදෙනුව පිළිබදව දැනුවත් කිරීමක් කරලා නැවත ඒ මුදල් ඔයාට ලබාගන්න වෙන අකරතැබ්බයක් හිතන්නකෝ.මේ වගේ අවස්තාවකදී Mobile Wallets සේවාවක් මගින් ඒ මුදල් නැවත ලබා ගැනීමට ඇති හැකියාව නැති තරම්.මේක අදාළ ආයතනය අනුව වෙනස් වෙන්න පුලුවන්.මොකද Mobile Wallet කියන්නේ ගනුදෙනුව සිදුවන අතරමැදියෙක් පමණක් වන නිසා.ඒ නිසා ඒ අයට බැහැ ඔයාගේ සල්ලි කාටද බැර වුණේ කියලවත් හොයන්න.නමුත් බැංකුවක් මගින් සපයන Digital Bank Accounts සේවාවකදි මේ පිළිබදව ඉකමනින් කටයුතු කිරීමේ හැකියාවක් බැංකුවට තියෙනවා.
උදා:- Flash App එකෙන් Commercial Bank Account එකකට වැරදිල සල්ලි යැව්ව කියමුකො.ඉක්මනට ගිහින් බැංකුවට ගිහින් Complain එකක් දැම්මොත් ඒ සල්ලි වැටිච්ච Account එකේ මුදල Hold කරන්න බැංකුවට පුලුවන්.
Mobile Wallet එකක තියෙන සල්ලි වලට පොළියක් හැදෙන්නේ නැහැ.නමුත් Digital Bank Account එකක Wallet එකේ Balance එකට පොළියක් හදෙනවා.
මීට අමතරව එක් එක් බැංකු මගින් සපයන Digital Bank Accounts වල විශේෂ වූ වාසි දැකගන්න පුලුවන්.ඉදිරියේදී ලිපියකින් ඒ ගැන කතා කරමු.Mobile Wallets,Digital Bank Accounts ගැන ඔයාලගේ අදහස් මොනවද; දැනට පාවිච්චි කරනවද; අත්දැකීම් මොනවද? පහළින් කමෙන්ට් කරන්න.
විශේෂයෙන්ම බැංකු බැංකු අතර සිදුකරන ගනුදෙනු කිරීම් වලදී ඔයාගේ අතින් වැරදි ගිණුමකට සල්ලි ගියොත් ඒ ගනුදෙනුව පිළිබදව දැනුවත් කිරීමක් කරලා නැවත ඒ මුදල් ඔයාට ලබාගන්න වෙන අකරතැබ්බයක් හිතන්නකෝ.මේ වගේ අවස්තාවකදී Mobile Wallets සේවාවක් මගින් ඒ මුදල් නැවත ලබා ගැනීමට ඇති හැකියාව නැති තරම්.මේක අදාළ ආයතනය අනුව වෙනස් වෙන්න පුලුවන්.මොකද Mobile Wallet කියන්නේ ගනුදෙනුව සිදුවන අතරමැදියෙක් පමණක් වන නිසා.ඒ නිසා ඒ අයට බැහැ ඔයාගේ සල්ලි කාටද බැර වුණේ කියලවත් හොයන්න.නමුත් බැංකුවක් මගින් සපයන Digital Bank Accounts සේවාවකදි මේ පිළිබදව ඉකමනින් කටයුතු කිරීමේ හැකියාවක් බැංකුවට තියෙනවා.
උදා:- Flash App එකෙන් Commercial Bank Account එකකට වැරදිල සල්ලි යැව්ව කියමුකො.ඉක්මනට ගිහින් බැංකුවට ගිහින් Complain එකක් දැම්මොත් ඒ සල්ලි වැටිච්ච Account එකේ මුදල Hold කරන්න බැංකුවට පුලුවන්.
පොළිය
කොහොමද Digital Bank Account එකක් Open කරගන්නේ
කරන්න තියෙන්නේ PlayStore, AppStore එකට ගිහින් අදාළ ඇප් එක Download කරගෙන Account එකක් Open කරන එක තමයි.

0 Comments