Hot Posts

6/recent/ticker-posts

Save කරපු Wi-fi Password බලාගන්නේ කොහොමද?


Wi-fi connection එකක් පාවිච්චි කරනකොට අපිට Password එක හැමතිස්සෙම මතක තියාගන්න අවශ්‍යතාවයක් ඇතිව්න්නේ නෑ.මොකද අපේ Device එක මගින් එක සැරයක් අපි Wi-fi connection එකකට Log වුණාම ඒ Connection එකට අදාළ Credentials එහෙම නැත්නම් WLAN Name එක Password එක Save කරගන්න නිසා. ඒත් හදිසියෙවත් අලුත් Device එකක් Connect කරන්න අවශ්‍ය වුණොත් ආපහු Password එක බලාගන්නේ කොහොමද කියන එකයි මේ ලිපියෙන් කියල දෙන්න යන්නේ,

Wi-fi Password එක නොදන්න Connection එකට Connect වෙච්ච Device එකක් අතපත ගාන්න හම්බුණොත් Wi-fi Password එක උස්සන්නත් මේ ක්‍රමෙන් පුලුවන්, 😜 එහෙනම් පටන් ගමු.

  1. Command Prompt එක Open කරගන්න. Windows Search කරල හරි නැත්නම් Windows Key  එකත් එක්ක R අකුර ගහලා CMD කියල Type කරලා Enter එකක් දීල Open කරගන්න පුලුවන්.

  2. දැන් පහළ තියෙන Command එක Type කරල Enter එකක් දෙන්න,
    • netsh wlan show profiles  
  1. දැන් පහළ පෙන්නල තියෙන විදියට Lap එක Desktop එක Connect වෙලා තියෙන Wifi Networkඔක්කොගේම නම් List එකක් පෙන්වයි.

  2. දැන් කරන්න තියෙන්නේ පහළ තියෙන Code එක Type කරලා Enter එකක් දෙන්නයි. මතක ඇතිව ඔය WIFI NAME කියල තියෙන තැනට දෙන්න ඕන අර List එකේ ඔයාට Password එක බලාගන්න ඕන Network එකේ නමයි.උදාහරණයක් විදියට මම දාලා තියෙන්නේ මගේ List එකේ CODERX_INT කියන Network එකේ Password එක බලන්න Enter කරපු විදිය.
    • netsh wlan show profile name=WIFI NAME key=clear

ප්‍රශ්න තියෙනවනම් පහළින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඉදිරියට මේ වගේ ලිපි ලියන්න ඔයාලගෙ අදහසුත් අපිට ලොකු හයියක්.අලුත් ලිපියක් පළකරපු ගමන් දැනගන්න අපේ Facebook Page එකත් Like කරන්න.

Post a Comment

0 Comments