Shutdown Button එකක් තියෙද්දි තවත් මොකටද Shortcut එකක් 😏

Performance අතින් අඩු නිතරම වගේ Stuck වෙන Lap එකක් භාවිතා කරන මට මේක පෞද්ගලිකව ගොඩක් වැදගත් වුණ නිසයි කාටහරි වදගත් වෙයි කියල හිතල මේක දාන්න හිතුවේ. Laptops, PC Stuck වුණාම එන ලොකුම අව්ල තමයි Restart කරන්න හරි Shutdown කරල ආපහු On කරන්න හරි ගියාම Windows Button එක එබුවම ඒක එන්නත් හැට පැයක් යනවා. ඒ මදිවට Stuck වෙච්ච වෙලාවක Windows Button එක Click කරනව කියන්නෙම RAM එකේ තව ඉඩ අඩුවෙන Process එකක්. ඒ වගේ වෙලාවට ගොඩක් අය කරන්නේ මල පැනලා Power Button එක Press කරල හරි කෙලින්ම Plug point එකෙන් ගලවල හරි මැෂින් එක Off කරන එක.

ඒ විදියට කෙළින්ම Power එකෙන් Disconnect කරන එක Device එකට හොද නෑ කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ගොඩක් අය මේ දේ කරන්නේ ඇත්තටම කරන්න වෙන දෙයක් නැති නිසා.අන්න ඒ වගේ නිතරම මේ ප්‍රශ්නේ එන මැෂින් එකක් නම් පාවිච්චි කරන්නේ මේ විදියේ Shortcut එකක් හදලා තියාගන්න එක ලේසියි සහ හොදයි. මොකද ඒ වෙලාවට කරන්න තියෙන්නේ Shortcut එක උඩ Double Click කරන එක විතරක් නිසා. දැන් එහෙනම් වැඩේට බහිමු.

  1. මුලින්ම Desktop එක උඩ Right Click කරලා New ⏩  Shortcut දෙන්න
  2. ඊට පස්සේ Type of the location item කියන එකට පහළ තියෙන Code එක Copy කරලා Paste කරලා Next දෙන්න.
    • %windir%\System32\shutdown.exe /s /t 0

  3. ඊට පස්සේ Shortcut එකට නමක් දෙන්න.

වැඩි වැඩ! 👇

දැන් Shortcut එක හදාගෙන නම් ඉවරයි. මේන් මේ වැඩි වැඩ ටික ඕන නම් කරන්න පුලුවන් ඊට පස්සේ.

Shortcut Icon එක වෙනස් කිරීම

  1. හදාගත්තු Shortcut එක උඩ Right Click කරලා Properties යන්න.
  2. ඊට පස්සේ පහත විදියට Change Icon කියන Option එක උඩ Click කරලා කැමති Icon එකක් Select කරගන්න.

Shortcut එකට Shortcut Key එකක් Assign කරමු


Shortcut Key එකක් Assign එන වාසිය තමයි Shortcut එක Click කරන්නේ නැතුවම Key Combination එකකින් අපිට Computer එක Shutdown කරගන්න පුලුවන් වෙන එක. ඒ වගේම මෙහෙම Key එකක් Assign කළායින් පස්සේ Shortcut එක Hide කරලා වැරදීමකෛන් අපිට Shortcut එක Click වීමේන් අනවශ්‍ය මොහොතක Shutdown වීම වළක්වාගන්න පුලුවන්.

    1. හදාගත්තු Shortcut එක උඩ Right Click කරලා Properties යන්න.
    2. ඊට පස්සේ Shortcut Key කියන Text Box එක ඇතුළෙ Click කරලා තමන්ට අවශ්‍ය Key එක Press කරන්න.

        උදාහරණයක් විදියට එතනදි S අකුර Press කළොත් Ctrl+Alt+S Combination එක එකපාර එබුව ගමන් Shortcut එක Run වෙලා Computer එක Shutdown වෙනවා.

    Shortcut එක Hide කරනවනම් මෙහෙමයි.

    1. හදාගත්තු Shortcut එක උඩ Right Click කරලා Properties යන්න.
    2. ඊට පස්සේ පහළ විදියට General Tab එකට ගිහින් Hidden කියන Option එක  ✅ කරන්න.

    Restart Button එකක් හදාගන්නවනම්

    මේ විදියටම Restart කරන්නත් Shortcut එකක් හදාගන්න පුලුවන් කරන්න තියෙන්නේ අපි පළවෙනි පියවරේදි Shortcut එකේ Location එක විදියට දීපු Code එක වෙනුවට පහළ Code එක දෙන එක විතරයි. 
       
     C:\Windows\System32\shutdown.exe -s -t 00