Phone එකක තියෙන දත්ත පරිගණකයකට හුවමාරු කරන්න තියෙන බහුලවම පාවිච්චි වෙන ක්‍රමේ තමයි USB Cable කක් භාවිතා කරලා දත්ත හුවමාරු කරන එක. මීට අමතරව Wi-Fi Direct තාක්ෂණයෙන් රැහැන් රහිතව Wi-Fi Network එකක් හරහා Shareit, Zapya වගේ මෘදුකාග භාවිතා කරල දත්ත හුවමාරු කරන්න පුලුවන්. මෙ ක්‍රමයෙදි Devices දෙකටම වෙන වෙනම Softwares, Apps Install කරන්න වෙනව වගේම ගොඩක් වෙලාවට මේ Apps, Software නිසා අනවශ්‍ය විදියට Devices Slow වෙනව වගේම මේ ඇප් වලින් Share කරද්දි Limitations තියෙනවා.

ඔන්න ඔය දේට විසදුමක් තමයි අද දෙන්න යන්නෙ. Phone එකට Install කරන්න ඕනේ 3MB වගේ ඇප් එකක් විතරයි. පරිගණකයට වෙනම Software එකක් පාවිච්චි කරන්න ඕන වෙන්නෙත් නෑ. එහෙනම් පටන් ගමු.

  1. මුලින්ම Playstore එකට ගිහින් WiFi FTP Server කියන App එක Install කරගන්න. Playstore ලින්ක් එක පහතින් දාලා තියෙනවා.
  2. දැන් App එක Open කරලා Settings Icon එක උඩ Click කරන්න.

  3. දැන් Root Folder කියන Option එක Click කරලා Computer එකෙන් Access කරන්න ඕන Folder එක තෝරන්න. (Internal Memory/External Memory)

  4. දැන් My Computer ගිහින් Right Click කරලා Add a network location දෙන්න.

  5. ඊට පස්සේ එන Wizard එකේ පහළ රූප වලින් පෙන්නලා තියෙන විදියට ඉස්සරහට යන්න.


  6. Specify the location of your website කියන Step එකේදි එතනට දෙන්න ඕනේ Phone එකේ App එක Open කරලා Start Button එක Click කරාම පහළ පෙන්වලා තියෙන විදියට තියෙන Server URL කියන URL එක පහළ විදියට,

  7. ඊට පස්සේ පහළ විදිය්ටම ඉස්සරහට යන්න
  8. Want do you want to name this location? කියන Option එකේදි ඔයාට කැමති නමක් දෙන්න Network එකට.

  9. Finish.
  10. දැන් කරන්න තියෙන්නෙ Phone එකේ App එක Open කරලා Start කියන Buttonඑක උඩ Click කරන එක විතරයි.
  11. My Computer Open කරාම පෙන්වන Network Location වල ඔයාගේ Phone එක පෙන්වයි. ඒ Folder එක Double Click කරලා කැමති විදියට Access කරන්න පුලුවන්.
මතක තියාගන්න ඕන දේ තමයි මේ ක්‍රමේ පාවිච්චි කරනවනම් Devices දෙකම එකම Wi-Fi Network එකට Connectවෙලා තියෙන්න ඕන.
මේකට ඔයාගේ Wi-Fi Package එකෙන් අය කිරීමක් සිදුවෙන්නේ නෑ; දත්ත හුවමාරුව සිද්ධ වෙන්නේ Wi-Fi Direct හරහා නිසා.
ප්‍රශ්න තියෙනවනම් Comment එකක් දාන්න.