මේ පෝස්ට් එකෙන් කියල යන්න යන දේ කාර්යාලීය වැඩකටයුතු කරන අයට නම් ගොඩක් වැදගත් වෙයි.මේ පෝස්ට් එකෙන් මම කියල දෙන්න යන්නේ Microsoft සමාගමේ OFFICE 365 සේවාව ගැන.මුලින්ම මොකක්ද මේ Office 365 කියන්නේ කියල බලමු.
කෙටියෙන් කියුවොත් මේක කාර්යාලීය කටයුතු සදහාම Microsoft සමාගම විසින් හදුන්වාදීපු සේවාවක්. Office 365 සේවාව මිලදී ගත යුතු සේවාවක් වුනත් සාමන්යෙන් අපේ එදිනෙදා වැඩකටයුතු කරගන්න මෙමගින් නොමිලේ ලබාදෙන සේවාවන් වලින් පුලුවන්.
ඒවායින් වැදගත්ම දෙයක් තමයි Online Office පැකේජ් එක.මේකෙන් අපිට පුලුවන් අපි දන්න කියන Office Package එකේ Word,Excel,Powerpoint,One Note වගේ Software වෙබ් බ්‍රව්සරයක් හරහා පාවිච්චි කරන්න.ඒ කියන්නෙ අපිට ඕනම වෙලාවක ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තියෙනවනම් අදාල වෙබ් ලිපිනයට පිවිසිලා සාමන්‍ය Software එකේ වැඩ කරන විදියටම වැඩ කරන්න පුලුවන්.ඒ වගේම ඕනම DeVice එකකින් මේ Online Interface එකේ වැඩ කරන්න පුලුවන් නිසා ඕනම වෙලාවක තමන්ට අවශ්‍ය වැඩ කටයුතු කරගන්න පුලුවන්Software Install කර කර ඉන්න ඕන නැ.පහතින් දක්වලා තියෙන්නෙ Screenshot එකක්.
click on the picture to enlarge |
ඉතින් කොහොමද මේ සේවාව ලබාගන්නේ.කරන්න තියෙන්නෙ පොඩිම පොඩි දෙයයි. https://www.office.com කියන වෙබ්සයිට් එකට ගිහින් Account එකක් හදන්න.ඒක ඉතින් අමුතුවෙන් කියල දෙන්න ඕන නෑනේ.හැබැයි මෙතෙන්දි Account එක හදන්න Outlook Email එකක්ම භාවිතා කරනවනම් වඩා හොදයි.ඒ මොකද කියල පස්සෙ කියනම්.
දැන් ඔය මම කිව්ව සෙවාවට අමතරව තව සේවාවන් කිපයක්ම Acconut එක හැදුවම හම්බෙනවා.ඒ ලිස්ට් එක පහළින් දාලා තියෙනවා.
- Skype
- Onedrive with 5GB Free Storage
- Calender
- Email Service
මං කලින් කිව්වනේ Outlook Email එකක්ම පාවිච්ංහි කරනවනම් හොදයි කියල ඒකට හේතුව තමයි අපි Documents එක්ක වැඩ කරද්දි අපිට ඒ තැනින්ම අපේ Emailaනුත් Manage කරන්න තියෙන වාසිය.
වැඩිය වැල්වටාරම් ලියන්න යන්නෑ.ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න.
0 Comments