Hot Posts

6/recent/ticker-posts

Windows 10 වල Automatic Update Off කරමු


Microsoftලා නිකුත් කරපු Windows 10 මුලින් මුලින් ගොඩක් අඩු පාඩු තිබුනත් පස්සේ ආපු Update Version එක්ක අද වෙන කොට බොහෝ දෙනාගෙ පරිගනකයේ Windows 7 වලට තිබුනු තැන තමන් සතු කරගන්න Windows 10 සමත් වෙලා තියෙනවා කියුවොත් මම නිවැරදියි.
පරිගන්අක පාවිච්චි කරන අය අතර කොටස් දෙකක් ඉන්නවනේ.එක කොටසක් තමයි නිතරම අලුත් Update අරගෙන Latestම Version එක පාවිච්කි කරන්න කැමති අය සහ වැඩේ වෙනවනම් Update මොකටද කියල හිතන කට්ටිය.ඔන්න ඔය කිව්ව කොටස් දෙකෙන් දෙවෙනි කොටසට අයත් අයට මේ පෝස්ට් එක ගොඩක් වැදගත් වෙයි.

Windows Update Off කිරීම.

1.Services වලින් Off කිරීම-මුලින් මේ ක්‍රමේ කරල බලන්න වැඩේ හරිගියේ නැතොත් දෙවෙනි ක්‍රමේට යන්න.

පළවෙනිඅයටම Windows Services Open කරගන්න ඕන.ඒකට Search එකේ Services කියල Type කරනකොට එනව අන්න ඒක Select කරන්න.


ඊට පස්සෙ එන ලිස්ට් එකේ අන්තිම හරියෙ ඇති Windows Update කියල එකක්.ඒක Double Click කරාම එන Window එකේ Startup Type වලට Disabled දෙන්න.  > OK


කරපු Changes Apply වෙන්න මැෂින් එක Restart කරන්න.

2.Local Group Policy හරහා නැවැත්වීම

පළවෙනියටම Group Policy Editor එක Open කරගන්න ඕනේ.ඒකට කරන්න තියෙන්නේ Windows Key එක එක්ක R ඔබලා එන Search එකේ gpedit.msc කියල Type කරලා Enter ඔබන එක.නැත්නම් Search එකේ Group Policy කියල ගහනකොටම Group Policy එක එනව.


දැන් වම් පැත්තෙ තියෙන Bar එකෙන් පහත පිළිවෙලට යන්න.
Computer Management > Adminstrative Templates > Windows Components



ඔතනින් Windows Components Select කරාම දකුණු පැත්තෙ යටම හරිය ඇති Windows Update කියල එකක් ඒක උඩ Double Click කරන්න.
ඊට පස්සෙ එන ලිස්ට් එකේ Configure Automatic Updates කියන Option එක Double Click කරන්න.
දැන් ඒකට පහළ පෙන්වන විදියට Disabled දීලා OK කරන්න.


කරපු වෙනස්කම් Apply වෙන්න මැෂින් එක Restart කරන්න.

Post a Comment

0 Comments