Hot Posts

6/recent/ticker-posts

Data Manage කරන්න Googleලාගෙන් Datally


ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සල්ලි දාලා ඇක්ටිවේට් කරන ඩේට පැකේජ් එක ඉවර වුණේ කොහොමද කියලා ඉවර වෙනකන්ම දන්නෙ නැති එක.අපේ රටේ දුරකතන සේවා සපයන ආයතන වල ජිල්මාට් අතෑරියම අපිත් ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් යූටියුබ් ගියාම මෙලෝ සිහියක් නැතුව පහැලට හැල්මේ දුවනවා.යුවර් බන්ඩල් ඊස් ඕවර් කියල එනකන්ම පහළට රූටනව දන්නෙ නැතුව.ඒකට හොද විසදුමක් තමයි Datally කියන මේ Google සමාගමෙන්ම හදුන්වාදෙන ඇප් එක.
Datally ගැන සරල හදින්වීමක් කළොත් මේකෙ තියෙන ප්‍රධානම දේ තමයි Realtime Data Usage එක Bubble Head එකකින් ඒ කිව්වෙ Messenger වල Chat Head එකකින් වගේ පෙන්වන එක.පහත Screenshot එක බැලුවම තේරෙවි මම මොකක්ද කියන්නෙ කියල.
ඒ තමයි ප්‍රධානම දේ ඊට මතරව මේ ඇප් එකෙන් සපයන වැදගත් Features කිහිපයක් ගැන දැන් කතා කරමු.

Manage Data

මේ මගින් ඔයාලට පුලුවන් Phone එකේ Apps වලට Background Data Use කිරීම Block කරන්න.ඒ වගේම Phone එකේ තියෙන ඇප් දිනය,සතිය,මාසය ඇතුළත මොන මොන ප්‍රමාණ වලින්ද ඩේටා අනුභව කලේ කියල බලාගන්න


Daily Limit


දවසට අදාළ ඩේට ලිමිට් එකක් හදලා ඒ ලිමිට් එක පැනපු ගමන් තවදුරටත් ඩේට Use කිරීම නවත්වන එක තමයි මේ Option එකෙන් කරන්නේ.


Bedtime Mode

මේක නම් අපේ අයට ගොඩක් වැදගත් වෙන Option එකක් වෙයි.මේ Option එකෙන් පුලුවන් තෝරාගත් කාලයක් ඇතුලත Data ඉබේම Off වෙන විදියට Settings හදන්න.කරන්න තියෙන්නේ Option එකට ගිහින් තමන්ට Data Off වෙන්න ඕන මොන වෙලාවන් දෙක අතරද කියල දෙන එක විතරයි.


Emergency Bank

මේකත් වැදගත් වෙයි.නමේම තියෙනවනේ හදිස්සියකට ගන්න වෙනම ඩේට ප්‍රමාණයක් වෙන් කරල තියන එක තමයි මේ Option එකෙන් කරන්නේ.තමන්ට අවශ්‍ය පරිදි Data ප්‍රමාණයක් Emergency Bank එකේ Save කරල තියන්න පුලුවන්.


Track Hotspot


මේකත් වැදග්ත් Option එකක්.යාලුවෙක්ට හදිස්සියට Hotspot දාල දුන්නම ඩේට ටික ඉවර වෙනකන්ම ඩේට ඉවර කරපු සීන් වෙලා ඇතිනේ.මේකෙන් පුලුවන් අපි විසින් ලබා දෙන Data Limit එකකදි Automatically Hotspot Off වෙන විදියට Settings හදන්න.


Guest Mode

කාටහරි ෆෝන් එක දෙනවනම් දෙන කෙනාගෙ ඩේට භාවිතය ගැන Sure නැත්නම් මේක තමයි Option එක.කරන්න තියෙන්නෙ අදාල පුදගලයට ෆෝන් එක දෙන්න කලින් Data Limit එක Set කරන එක.අදාල ඩේට ලිමිට් එක පැන්නයින් පස්සෙ ඩේට ඔන් කරන එක වලක්වන්න Password එකක් යෙදීමේ හැකියාවත් තියෙනවා.ඩේට ලිමිට් එක පැනපු ගමන් ඉබේම Data Use කිරීම Block කරනවා.


Unused Apps

මෙතනින් පුලුවන් තමන් පාවිච්චි කරේ නැති වුණාට අපිටත් හොරා අපේ Data Use කරන ඇප්ස් මොනවද කියල බලාගන්න.
කියෙව්වම තේරෙනව ඇතිනේ ලංකාවෙ වගේ පොඩි පොඩි පැකේජ්ස් ගහල Internet එන අයට වැදගත් වෙන Features ගොඩක් මේ ඇප් එකේ තියෙනවා.Install කරගන්න ඕන අය Playstore එකේ Datally කියල Search කරන්න.

ප්‍රශ්න තියෙනවනම් Comment එකක් දාන්න.

Post a Comment

0 Comments