Hot Posts

6/recent/ticker-posts

Youtube To MP3 Telegram BOT


ලංකාවෙ අය අතර එතරම්ම ප්‍රසිද්ධ නැති වුණත් අහලවත් ඇතිනේ Telegram App එක ගැන.Telegram කියන්නෙත් Whatsapp Messenger IMO වගේම මැසෙන්ජර් ඇප් එකක්.ඒත් Telegram වල Telegram වලටටම විශේෂ වුණ Features ගොඩක් දැකගන්න පුලුවන්.එයින් එක Feature එකක් තමයි Telegram Bots කියන්නෙ.
Bots කියන්නේ Telegram ඇප් එක ඇතුළෙම Run කරන්න පුලුවන් Third Party Programme එකක් වගේ දෙයක්.Usersලට මේ Botලට මැසේජ් වලින් Command එකක් දීලා වඩක් කරගන්න පුලුවන් විදියට තමයි මේව හදල තියෙන්නෙ.ඔය ටික කියුවෙ Bots ගැන මීට කලින් අහල නැති අයට පුංචි අදහසක් ගන්න.
මේ පෝස්ට් එකෙන් කියන්න යන්නේ අපූරු බොටෙක් ගැන.මේ බොටා ගැන සරලව කියුවොත් මේක Youtube Videos MP3 වලට හරවන බොටෙක්.නමුත් සාමන්‍ය Youtube Downloader එකකට වඩා විශේෂත්වයක් තියෙනවා.
ඒ තමයි සාමාන්‍යයෙන් Youtube Downloader එකකට Video එකේ ලින්ක් එක හොයාගෙන Copy කරලා දෙන්න ඕන වුණත් මේ බොටාට හැකියාව තියෙනවා Video Title එකෙන් Video එක Download කරන්න.පහළැ Screenshot එක බැලුවම තේරෙවි කියන්නෙ මොකක්ද කියල.Youtube එකෙන්  සිංදු Download කරන්න නම් නියම භාණ්ඩේ.කරන්නෙ තියෙන්නෙ සිංදුවෙ නම බොටාට මැසේජ් පාරක් දාන එක විතරයි.

පහළින් දාල තියෙන Username එක Search කරල ගිහින් බොටාව Telegram ඇප් එකට Add කරගන්න.

@yotump3_bot

මීට අමතරව Downloader ඇප් එකක් භාවිතා කරනවට වඩා මේ බොටා පාවිච්චියෙන් ලැබුන වාසි කිහිපයකුත් කියන්නම් අමතරව.
Telegram Windows Platform එකටත් Support කරන නිසා ඕන Device එකකින් Files Access කරන්න පුලුවන් වීම.

සේරම ෆයිල්ස් මැසේජස් විදියටම ඇප් එකේ Save වෙලා තියෙන නිසා Storage  Out ගියපු වෙලාවක වුණත් Delete කරල ආපහු Download කරගන්න පුලුවන්නෙ.
මේ විදියෙ තවත් වැදගත් Telegram Botsල ගැන ඉදිරියෙදි කතා කරමු.ප්‍රශනයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න.

Post a Comment

0 Comments