එදිනෙදා ජීවිතේදි අපි සල්ලි වියපැහැදම් කරන විදිය සටහන් කරගන්න පුලුවන් නම් ඇප් එකකින්.ඒක අපේ වියදම් පිළිබදව අපිටම සමාලෝචනයකට එන්න වගේම ඊලග මාසෙ සතියෙ අපේ වියදම් කොහොමද ප්ලෑන් කරන්න ඕනෙ කියල අදහසක් ගන්නත් ඉතාමත් වැදගත් වෙනවනෙ.ඔන්න ඔය විදියට Smart විදියට Financial පැත්ත මැනේජ් කරන්න ගොඩක්ම උදව් වෙන ඇප් එකක් තමයි Wallet කියන්නෙ.
මේ සේවාව සපයන මේ විදියෙ ඇප්ස් ගොඩක් Play Store එකේ තිබුණත් මට සෙට් වුණ හොදම සහ නොමිලේ සේවාවන් සපයන ඇප් එක තමයි Wallet.ඇප් එකෙ තියෙන Features කිහිපයයක් සහ පාවිච්චි කරන්නෙ කොහොමද කියල කෙටියෙන් හැදින්වීමක් කරන්නම්.
Create an Account
ඇප් එකට ලොග් වෙලා පළවෙනියටම Wallet Account එකක් හදන්න ඕනේ.මේකට Google හෝ Facebook ගිණුම මගින් වුණත් Sign Up වෙන්න පුලුවන්.
Add Cash Balance
පළවෙනියට කරන්න ඕන දේ තමයි අපේ පර්ස් එකේ දැනට තියෙන Cash Balance එක Feed කරන එක.
Click to enlarge |
Record the Expenses
ඊට පස්සෙ ඉතින් කරන්න තියෙන්නෙ තමන් පර්ස් එකෙන් සල්ලි අදින වෙලාවට සහ සල්ලි පර්ස් එකට එන වෙලාවටත් රෙකෝඩ් එකක් දාගන්න එක.
Click to enlarge |
දැන් බලමු මේ ඇප් එකේ ප්‍රධාන Features ගැන
Add Accounts
Default එන Cash Account එකට අමතරව ඔයාලට තවත් Accounts දෙකක් Add කරගන්න පුලුවන් Free Version එකේ.ඒ කියන්නෙ ඔයාගෙ Bank Account දෙකක් තියෙනවනම් ඒ දෙකේ Recordsනුත් Add කරන්න පුලුවන්.
Statistics
තමන්ගෙ වියදම් ගැන Summaryයක් බලාගන්න පුලුවන් තැන තමයි මේ.මෙතනින් දැනට තියෙන Cash Balance එක,Cash Flow එක වගේ දේවල් බලාගන්න පුලුවන්.
Click to enlarge |
Planned Payments
ඉස්සරට කරන්න තියෙන වියදම් ගැන දැන්ම නෝට් එකක් දාල තියාගන්න වගේම Reminder එකක් විදියටත් මේ Feature එක භාවිතා කරන්න පුලුවන්.
Click to enlarge |
Budgets
App එකේ තියෙන වටිනම Feature එක විදියට මේක හදුනවන්න පුලුවන්.මේ Feature එකෙන් පුලුවන් ඔයාට අවශ්‍ය විදියට එක එක වියදම් වලට අවශ්‍ය විදියට Budget එකක් හදලා ඒ Budget එකට අනුව අරපිරිමැස්මෙන් වියදම් කරන්න.තමන් Budget එකට වඩා වියදම් කෙරීගෙන යනව වගේ පේනවනම් ඇප් එකෙන්ම දැනුම් දෙනවා දැන් යන විදිය නම් හරියන්නෑ Budget එක පන්නන්න යන්නෙ කියලා.
Click to enlarge |
Debts
ණය Cover කරන්න තියෙන ඒව Record කරන්නත් පුලුවන්.
Shopping Lists
Shopping යන්න කලින් List එකක් හදාන්න මේ Feature එක වැදගත් වෙයි.
Monthly Statements
තවත් වැදගත්ම Feature එකක්.අපි Credit Card පාවිච්චි කරනකොට මාසෙ අන්තිමට Statement එක ගෙදරට එනව වගේ අපේ වියදම් ගැන Statement එකක් අපේ Email එකට එනවා හැම මාසෙම අනිතිමේ.
ඔය සරලව ඇප් එක ගැන අදහසක් ගන්න කෙටි හැදින්වීමක් විතරයි.ඔයා ත්මන්ගේ වියදම් ගැන නිත්රම සැලකිලිමත් වෙන කෙනෙක් වගේම දැනට වියදම් කෙරෙන විදිය පාලනය කරගන්න බැරි කෙනෙක් නම් දාගන්නම ඕන ඇප් එකක් තමයි Wallet.
ප්‍රශ්නයක් තියෙනවනම් Comment එකක් දාන්න.
0 Comments