ප්‍රොමොදෝරෝ න්‍යාය
ප්‍රොමොදෝරෝ න්‍යාය කියන්නේ ඉස්සෙල්ලා මං කියපු වගේ පාඩම් වැඩ කටයුතු කරන්න සාර්තක ක්‍රමයක්.මේක ලෝකයට හදුන්වා දුන්නේ ආතර් ෆ්‍රන්සිස්කෝ කියන මහාචාර්‍යවරයා.මේකෙ තියෙන සරල තියරිය තමයි සාමාන්‍යෙන් අපිට එක දිගට එකම වැඩකට Focus වෙලා ගොඩක් වෙලා එකම වැඩේ කරන්න අමාරුයි;ඒ නිසා තමන් වැඩ කරන කාල පරාසය මිනිත්තු 25 කොටස් වලාට කඩා ගෙන වැඩ කිරීම සහ ඒ සෑම මිනිත්තු 25ක් අතරම මිනිත්තු 5ක විවේකයක් ගන්නව කියන එක.වචන වලින් පැහැදිලි කරනවට වඩා පහළ තියෙන වීඩියෝ එක බැලුවම පැහැදිලි අදහසක් ගන්න පුලුවන් වෙයි.
(Video was embedded from "Gappiya" Youtube channel)
හරිනේ.දැන් ඔය විදියට වැඩ කරන කෙනෙක්ට ලොකු උදව්වක් වෙන ඇප් එකක් ගැන තමයි දැන් කියන්න යන්නෙ.ඇප් එකේ නම
Focus To Do
නමේම තියෙනවනේ ඉතින් කතාව.මේ ප්‍රොමොදෝරෝ න්‍යාය බේස් කරගත්තු ගොඩක් ඇප්ස් Playstore/AppsStore එකේ හොයාගන්න පුලුවන්.ඒත් ඒ බොහොමයක් අතුරින් වැඩිම Ratings තියෙන ඇප් එක තමයි මේ.
මොනවද Features
- Phone තියෙන අයට ඇප් එකක් විදියටත් Desktop එකක් පාවිච්චි කරන කෙනෙක් නම් Software එකක් විදියටත් Download කරගෙන පාවිච්චි කරන්න පුලුවන්.
- Projects Create කරන්න පුලුවන් ඒ වගේම Project එකේ Timeline එකත් ඇප් එකෙන්ම Manage කරලා ඔයාටම Track කරගන්නත් පුලුවන්.
- දවසට අදාළ වැඩ කටයුතු ටික List කරලා අදාල වැඩ කටයුතු වලට කොච්චර වෙලාවක් දෙනවද කියන එක Manage කරගන්න පුලුවන්.
- දවස,සතිය,මාසය ඇතුළත ඔයාගෙ Progress එක ඔයාටම බලාගන්න පුලුවන් Reports වලින්.
- මේ ඇප් එකට Register වෙන අය අතර වෙලාවට වැඩ කිරීම සහ වඩ අවසන් කිරීම පිළීබදව World Ranking එකක් තියෙනවා මේ නිසා ඔයාට මේ Rankings වල උඩට එන්න නම් ඔයාට වැඩ කරන්නම වෙනවා.දවස ගාණෙ වැඩ කරනකොට Rankings වල උඩට එනකොට ඔයාටම වඩ කරන්න ආස හිතෙයි.
Screenshots
ඇප් එක ගැන සරල හැදින්වීමක් විතරයි.මෙතනින් Official Site එකට ගිහින් Download කරගන්න,ප්‍රශ්න තියෙනවනම් පහළින් කමැන්ට් කරගෙන යන්න.ලිපියෙ හොද නරක ගැන අදහසක් දාන්නත් අමතක කරන්න එපා.
0 Comments