Hot Posts

6/recent/ticker-posts

Youtube Audio විතරක් Play කරන්න ඇප් එකක්


අද වෙනකොට ගීත රසවිදින්න පාවිච්චි කරන ප්‍රධානම මාධ්‍යයක් වෙලා තියෙන්නේ Youtube එකනේ.ගීත අහන්න Spotify වගේ Specialized App තිබුණත් ලංකාවෙ අපිට එච්චර සෙට් නෑනෙ.ප්‍රධානම හෙතුව සිංහල සිංදු වල අඩුකම සහ සේරම Features ගන්න නම් Premium Version එක සල්ලි දීල ගන්න ඕන.මේ නිසා Youtube ඇප් එක Music Player එකක් විදියට අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනව කියුවත් වැරදි නෑනේ.
හැබැයි මේ විදියට Youtube එක Player එකක් විදියට පාවිච්චි කරන කොට එන ප්‍රශ්න දෙකක් තියෙනවා.පලවෙනි එක තමයි අපි අහන්නේ සිදුව විතරක් වුණාට Video එක Play වෙන එක.මේ නිසා Phone එක Lock කරන්නත් බෑ.Batteryයත් ඉක්මනට බැහැල යනවා.අනිත් කාරණේ තමයි නිකන් Play වෙන Video එකට අනවශ්‍ය විදියට Data ප්‍රමාණයක් වැය වෙන එක.
ඔන්න ඒ ප්‍රශ්න දෙකටම විසදුමක් තමයි දෙන්න යන්නේ.මේ ඇප් එක පාවිච්චි කරලා Youtube Videos වල Audio Track එක විතරක් Play කරන්න පුලුවන්.හරියට Spotify වගේ තමයි.එකම වෙනස Audio Stream වෙන්නේ Search වෙන්නෙ Youtube එකෙන් වෙන එක.


Extra Features


  •  අවශ්‍ය නම් වීඩියෝ එකත් එක්ක Video Play කරන්න පුලුවන්.ඒ වගේම තමයි අපිට අවශ්‍ය Video Quality එකත් Select කරන්න පුලුවන්.
  • Youtube Videos Download කරගන්නත් ඇප් එකේම පහසුකම් සලසල තියෙනවා.මේකෙදිත් අවශ්‍ය විදියට Audio Track එක විතරක් හෝ වීඩියෝ එකත් එක්කම Download කරගන්න වගේම අවශ්‍ය Audio/Video Quality එක Download කරගන්න පුලුවන්.
  • Youtube App එකේ වගේම අපිට Playlist Create කිරීමේ පහසුකම තියෙනවා.
  • Sleep Timer - සිංදු අහගෙන නිදාගන්න අයටනම් Youtube ඇප් එකේවත් නැති මේ Feature එක ඉතාමත් වැදගත් වෙයි.

Screenshots








මෙතනින් Download කරගන්න.

Post a Comment

0 Comments