Hot Posts

6/recent/ticker-posts

Microsoft EDGE Browser වගතුග


Internet Explorer කිව්වම අපිට මතක කාලෙ ඉදන් තිබුණේ අලුතෙන් කම්පියුටර් එක Format කළාම අලුත් Browser එකක් Download කරගන්න විතරක් උවමනා වෙන අසාර්තක Browser එකක් කියන අදහස.කොහොමහරි Windows 10 වල හදුන්වා දීමත් එක්ක Microsoft සමාගම Internet Explorer එක්ක Microsoft Edge Browser එක හදුන්වා දුන්නා.මේකත් හදුන්වා දුන්නේ Microsoftලගෙම Browser Engine එකක් Base කරගෙන (Trident).මේකත් Usersල අතර එතරම් ජනප්‍රිය වුණේ නෑ.මොකද ඒ වෙනකොට Google සමාගමේ Chromium Base කරගත්තු Browserස් විශාල ප්‍රමාණයක් තිබීම සහ ඒවායේ Edge එක්ක බලනකොට තිබුණ අතිරේක Features සහ වේගවත් බව.
කොහොමහරි අන්තිමේ Microsoft සමාගම අවසානයේ තීරණය කරා Edge Browser එකත් Google සමාගමේ Chromium Engine එක Based කර ගෙන Develop කරන්න.මේ නව සංස්කරණය කලින් අපි දැකපු Edge Browser එකට වඩා ගොඩක් වෙනස්.User Interface එක බැලූ බල්මටම Chrome වගේ කියුවත් වැරැද්දක් නැහැ.

Click on the Image to enlarge

Edge සදහා වෙනම Extension Store එකක් තිබුණත් ඒකෙ තියෙන්නෙ සීමිත Extensions ප්‍රමාණයක් පමණයි.නමුත් කිසිම අවුලක් නැතිව සුපුරුදු Chrome Web Store එකේ ඇප්ස් Google Official Web Store එකට ගිහින් Download කරගෙන Install කරගැනීමේ හකියාව තියෙනවා.

2020 ජනවාරි වලට කලින් නිකුත් කළ Windows සංස්කරණයන්ට Built in Browser එකක් විදියට ආවේ මේ Chromium Based කරගත්තු සංස්කරණය නම් නෙවෙයි.ඉතින් දැනට ඔයාගෙ කම්පියුටර් එකේ තියෙන්නේ පරණ සංස්කරණයක්නම් නිකමට හරි Open කරපු වෙලාවක Notification එකක් එයි අලුත් එකට Update කරන්න කියල.නැත්නම් පහළ ලින්ක් එකෙන් නව සංස්කරණය Download කරගන්න පුලුවන්.


තුන්වැනි පාර්ශවයේ Browser එකකට වෙනම ඉඩක් දෙනවට වඩා Microsoft Edge හොද ආදේශකයක් වෙයි කියල හිතෙනවා.දැනට මගේ අත්දැකීම් අනුව නම් මම මේ වෙනකන් පාවිච්චි කරල තියෙන Browserස් වලට වඩා Memory Optimization අතින් නම් ඉහළීන් ඉන්නව කියල කියන්න පුලුවන්.අනිවාර්‍යෙන් Download කරල බලන්න.ඔයාලගෙ User Experience පහළින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

Post a Comment

0 Comments