Smart Phones,Tablets වගේ Smart Devices අද වෙනකොට අපේ ජීවිතේම කොටසක් වෙලා කියුවොත් වැරදි නෑනේ. හුගක් දෙනෙක් අද පුරුදු වෙලා තියෙනවා ත්ගමන්ගේ Phone එක Tablet එක පාවිච්චි කරමින්ම නින්දට යන්න වගේම Phone එක ළගින් තියාගෙන නිදාගන්න.දැනට කරලා තියෙන පරීක්ෂණ මගින් තහවුරු වෙලා තියෙනවා මේ පුරුද්ද නම් අතිශයින්ම සෞඛ්‍යට අහිතරයි කියලා.ඔන්න අපි මේ ලිපියෙන් කතා කරන්නේ ඒ ගැනයි.
නින්ද සොරා ගන්නා Smart Phone
මනුශ්‍යයන් විදියට අපිට අවම වශයෙන් පැය 6කවත් නින්දක් අවශ්‍ය වෙනවා.නමුත් අපි නිදාගන්න මොහොතේ දුරකතනයත් පාවිච්චි කරමින් ඇදට යනවනම් මේ නින්දට කිහිප ආකාරයකින් අහිතකර ලෙස බලපානවා.
මෙලටොනීන් ස්රාවය අඩු කිරීම
ස්මාර්ට් දුරකතන, රූපවාහිනී මගින් නිකුත් කරන නිල් එළිය (Blue Light) මොළයේ මෙලටොනීන් කියන හෝර්මෝනය ස්රාවය වීම අඩු කරනවා.මෙලටොනීන් කියන්නේ අපේ ශරීරයේ නින්ද උත්ප්‍රේරණය කිරීමට අදාළ හෝර්මෝනය.ඉතින් තේරෙනවනේ අපේ ඇස් වලට නිල් එළිය වැටෙද්දී අපේ මොළය හිතන්නේ අපි තවම නිදාගන්න සූදානම් නැහැ කියලයි.මේ නිසා අපේ නිදි චක්‍රය (Sleep Cycle) (*Sleep Cycle ගැන ඉදිරි ලිපියකින් කතා කරමු*) අව්ල් යනවා.මෙය ප්‍රබෝධමත්ව නැගිටින්න වගේම අපේ දවස ප්‍රබෝධමත්ව ගත කරන්නත් ලොකු බාධාවක් වෙනවා.අමුතුවෙන් කියන්න ඕන නෑනේ ඒ වගේ නැගිට්ටම දැනෙන මස්තබාල්දු ගතිය.
ඇස් වලට කොහොමද බලපාන්නේ
මේ නරක පුරුද්ද තියෙන කෙනෙක් නම් ඔයට අත්දැකීමෙන්ම දැනිලා ඇති කලුවරේ Phone එක පාවිච්චි කරනකොට ඇස් කසන්න ගන්නවා සහ ඇතැම් අයගේ කදුලු ගලාගෙන එන්න පටන් ගන්නවා.මේකට හේතුව තමයි Screen වලින් පිටවන ආලෝකය නිසා ඇස් වේලෙන එක.මේක දීර්ඝකාලීනව සිදුවුණොත් ඇස් පෙනීම දුර්වල වීම වගේම ඇසේ සුද මතු වීමටත් හේතු වෙනව කියලා වෛද්‍යවරුන් සොයාගෙන තියෙනවා.මොකක්ද මේකට කරන්නේ
කරන්න මහ දෙයක් නෑ කරන්න තියෙන්නේ තමන්ගේ Digital Devices පැත්තකින් තියලා නින්දට යන එක තමයි.
මොනවද මේ Blue Light Screen Filters
ඔය කොච්චර කියුවත් පුරුද්ද අතාරින්න බැරි පුරුද්දක් තියෙනවනම් Blue Light Screen Filters කියන්නේ පොඩි විසදුමක්.Smart Phones වලට ඇප් එකක් විදියට මේ Blue Light Filters Download කරගන්න පුලුවන්.මේව මගින් Phone එකේ Screen එකෙන් නිල් එළිය නිකුත් වීම වළක්වනවා.Play store App Store Search කළොත් මේ වගේ Filter එකක් Download කරගන්න පුලුවන්."Blue Light Screen Filters"මේ පිළීබදව නොදැනුවත්ව හිටි අයට මේ ලිපිය ගොඩක් වැදග්ත් වෙන්න ඇති කියලා හිතනවා.දිගටම අපේ බ්ලොග් එකේ ලිපියක් දාපු ග්මන් දැනගන්න අපේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දාන්න.ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්න.
0 Comments