Hot Posts

6/recent/ticker-posts

කොච්චර Try කරත් Alarm එකට ඇහැරෙන්න බැරිද?


සෞඛ්‍යමත් ජීවිතයකට අත්‍යවශ්‍යම දෙයක් තමයි නින්ද.ඒත් අපි නින්දට අවශ්‍ය  තරම් සැළකිල්ලක් දක්වනවද? මේ ලිපියෙන් නින්ද ගැන වැදගත් වෙන කරුණු කීපයක් ගැන බලමු.

නින්ද කොච්චර වැදගත්ද?

සාමාන්‍යෙන් දිනකට පැය 8ක් නිදාගන්න ඕන කියල තමයි කියන්නේ.ඒත් වර්තමාන ලෝකයේ තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක පැය 8ක් නිදාගන්නව කියන එක නම් ප්‍රායෝගික නෑ.ඒ නිසා තමයි වෛද්‍යවරු කියන්නේ අවම වශයෙන් පැය 6ක්වත් නිදාගන්න කියලා.ඒ වගේම තමයි අනවශ්‍ය විදියට හැමතිස්සෙම නිදාගන්න එකත් දීර්ඝ කාලීනව සිදුකිරීම අංශබාගෙ වගේ බරපතල රෝගී තත්වයන්ට හේතු වෙනව කියලා වෛද්‍යවරු පවසනවා.

නිදි චක්‍ර (Sleep Cycle) ගැන දන්නවද?


අපි නිදාගන්නකොට අපි ලබා ගන්න නින්දේ විවිධ අවස්තා(Stages) තියෙනවා.අපි ලබා ගන්නා නින්ද සිදුවෙන්නේ චක්‍රයක්(Cycle) විදියට.සමාන්‍යෙන් එක් නිදි චක්‍රයක් මිනිත්තු 90ක් වගේ වෙනවා.වයස,ස්ත්‍රී පුරුෂ භාවය,රැකියාව අනුව මේ වෙලාවෙ වෙනසක් වෙන්න පුලුවන්.මේ වගේ නිදි චක්‍ර වල එකතුවක් තමයි අපි ලබා ගන්නා නින්ද.

නැගිට්ට වෙලේ ඉදන් දවසම මස්තබාල්දු වගේ දැනෙනවද?


ගොඩක් පරක්කු වෙලා නැගිට්ටම වෙන දෙයක් වගේම තමන් නොහිතපු වෙලාවක තිගැස්සීමකින් අවදි වුණාමත් අපිට මේ ගතිය එනවා.මේකට හේතුව මොකක්ද?
හේතුව තමයි ඔයා අර කලින් කිව්ව නිදි චක්‍රයක් අතරමැදිද අවදිවීම.

වෙලාවට ඇහැරෙන්න බැරිද?

වෙලාවට ඇහැරෙන්න බැරිවෙන්න ප්‍රධාන හේතු කිහිපක් තමයි
  • ප්‍රමාණවත් තරම් නින්දක් ලබා නොගැනීම.
  • නින්ද අතරතුර වෙන බාධා.
  • නිසි වෙලාවට නින්දට නොයාම.
  • නින්දට ගියපු වෙලාවට අදාළව හරි වෙලාවට අවදි නොවීම.
ඉතින් ඔය ප්‍රධානම දේවල් වල මුලින්ම කියුව තුනටම නම් උත්තර ඔයාටම තමයි හොයාගන්න වෙන්නේ.මොකද ඔයාගේ Daily Life එකේ Time Table එකේ නින්දටත් වැදගත් තැනක් දෙන්න.ඒ වගේම නින්දට යන්න කලින් Mobile Devices පාවිච්චි කරන එක හැකි තරම් අවම කරන්න.නවත්තන්නම පුලුවන් නම් වඩාත් හොදයි.වර්තමාන Digital ලෝකේ Mobile Devices අපේ ජීවිතයට කොයිතරම් බලපෑමක් කරල තියෙනවද කියන එක අපි නින්දට යන්න කලින් Phone එක ඔබන ඔබ කියවිය යුතුමයි ලිපියෙන් සාකච්ඡා කළ නිසා මේ ලිපියෙන් ඒ ගැන වැඩිය කතා නොකරම යමු මේ ලිපියෙන් මම කතා කරන්න බලාපොරොත්තු වුණ ප්‍රධානම මාතාවට.

හෙට 4ට නැගිටින්න අද කීයටද නිදාගන්න ඕනේ?


ගොඩක් අයට උදේට එන ප්‍රශ්නෙනේ Alarm එක විනාඩියෙන් විනාඩියට තිව්වත් නැගිට ගන්න බැරි එක.නැගිට ගත්තත් පට්ට කම්මැලියි.මේකට හේතුව අර මම කලින් කිව්ව නිදි චක්‍ර අතර මැදදි Alarm එක නාද වීම.පමණක් අය කියනවනේ Alarm එක ඇහුණෙත් නෑ කියලා.ඒකට හේතුව නිදි චක්‍රයක එක්තරා කාලසීමාවක් තියෙනවා අපි තදින්ම නින්දට වැටෙන.මේ වෙලාවෙදි Alarm එක ඇහෙන්නේ නැති වෙන්න පුලුවන්.ඉතින් එහෙම නැතුව Fresh පිට නැගිටින්න Alarm එක තියන්න ඕන වෙලාව නිදාගන්න ඕන වෙලාව Manage කරගන්න පුලුවන් විදියක් ගැන තමයි කියන්න යන්නේ.


මේ වෙබ් සයිට් එකෙන් ඔයාට පුලුවන් ඔයාට නැගිටින්න ඕන වෙලාව දුන්නම ඔයා නිදාගන්න යන්න ඕන කීයටද කියල බලාගන්න වගේම ඔයා නින්දට යන වෙලාව අනුව කීයටද නැගිටින්න ඕන වෙලාවත් බලාගන්න.මේ සේවාව සපයන් වෙබ්සයිට්ස් ඕන තරම් Google කළොත් ඔයාලට හොයගන්න පුලුවන්.අපි කළේ දැනුවත් කිරීමක් විතරයි. 😀 


මේ වගේ වැදගත් ලිපියක් දාපු ගමන් දැනගන්න අපේ Facebook Page එකට Like 👍 එකක් දාන්නත් අමතක කරන්න එපා.ඔයාලගෙ අදහස් සහ අත්දැකීම් පහළින් කමෙන්ට් කරන්න.

Post a Comment

0 Comments