අලුතෙන් Windows Install කළාට පස්සේ එන ප්‍රධානම ප්‍රශ්නයක් Hardwares වලට Drivers ටික හරිවිදියට Update කරගන්න එක.මේ ලිපියෙන් අපි බලමු Third Party Software එකක් භාවිතා නොකර කොහොමද Windows වල Option වලින්ම Drivers Update කරගන්නේ කොහොමද කියල.
- පළවෙනියටම Device Manager එක Open කරගන්න ඕනේ.ඒ සදහා Windows Search එකේ පහළ විදියට Device Manger කියල Search කරන්න.
- ඊට පස්සේ ඔයාගේ Device එකට අදාළ Hardware වල ලිස්ට් එක බලාගන්න පුලුවන්.එතනින් ඔයාට Update කරගන්න අවශ්‍ය Device එක උඩ Right Click කරලා Update Driver දෙන්න.මෙතනදි මම උදාහරණයක් විදියට Graphic Card Driver එක Update කරන විදිය පෙන්වන්නම්.
- ඊට පස්සේ ඔයාට Driver එක Update කරන්න Option දෙකක් තියෙනවා
- Search automatically for updated driver software
මම නම් Recommend කරන්නෙ මේ Method එක.මේකෙන් ඔයාට පුලුවන් Driver එක Automatically Update කරන්න.මේ Option එක පාවිච්චි කරනවනම් අනිවාර්යෙන් Internet Connect කරලා තියෙන්න ඕනේ.
- Browse my computer for driver software
මේ ක්‍රමයෙන් Drivers Update කරනවනම් ඔයා ගාව Drivers තියෙන්න ඕනෙ.මේ ක්‍රමයට කරනවනම් පහළ විදියට Browse කරලා Drivers තියෙන Folder එක Select කරලා OK දෙන්න.
ප්‍රශ්න තියෙනවනම් පහළින් කමෙන්ට් කරන්න..මේ වගේ ලිපි දාපු ගමන් දැනගන්න අපේ පේජ් එකටත් Like එකක් දාන්න.
0 Comments