Hot Posts

6/recent/ticker-posts

අමතර අය කිරීමක් නැතිවම බැංකු ගිණුම් අතර මුදල් හුවමාරු කරමු


දැනට රටෙ පැන නැගලා තියෙන තත්වෙත් එක්ක වෙනද වගේ බැංකුවට ගිහින් තමන්ගේ කටයුතු කිරීම සීමා වෙලා තියෙනවා. බැංකු වලින් ලබා දෙන විවිධ Digital Platform පාවිච්චි කරන අයට නම් ගෙදරදීම ගෙවීම් කටයුතු සහ ශේෂය පිරික්සීම වගේ දේවල් ගෙදරදීම කරගන්න පුලුවන්.මේ වගේ සේවාවක් භාවිතා නොකරන අයත් මේ වගේ සේවාවක් අර තියා ගැනීමේ වටිනාකම තේරෙන්න ඇති මේ වෙලාවෙ.කොහොමින් හරි මේ ලිපියෙන් අපි කතා කරන්නේ ලංකාවෙ බැංකු අතර කිසිදු අමතර ගෙවීමක් කරන් නැතුව මුදල් හුවමාරු කරන්න පුලුවන් ක්‍රමයක් ගැන.
සමහර අය මේ පිළිබදව දැනුවත් වුණත් ලංකාවේ Digital Platforms භාවිතා කරන ගොඩක් අය තවම මේ ගැන දැනුවත් නෑ.ක්‍රමය තමයි "Just Pay".මේකත් Lanka Clear (PVT) Ltd මගින් අන්තර් බැංකු මුදල් හුවමාරු කිරීම සදහා ලබා දෙන සේවාවක්.හැබැයි මේ ක්‍රමය හරහා මුදල් හුවමාරු කරන්න පුලුවන් තමන්ගේම නමට තියෙන Account දෙකක් අතර පමණයි.දැනට ඔයා ඔයාගේම Account එකකින් වෙනත් බැංකුවක ගිණුමකට සල්ලි යවනවනම් Use කරන CEFTS හෝ SLIPS සේවාවන්ට යම්කිසි අය කිරීමක් බැංකුව මගින් කරනවනේ.නමුත් Just Pay සේවාව මගින් ඔයාට ඒ මුදල ඉතිරි කරගන්න පුලුවන්.

Just Pay ගැන දැනගන්න ඕන දේවල්

CEFTS වලදි වගේ නෙවෙයි.මේකෙදි වෙන්නේ ගෙවීමක් කරනවට වඩා Topup කිරීමක් කියුවොත් නිවැරදියි.අපි හිතමු ඔයාට A ගිණුමෙන් B ගිණුමට සල්ලි යවන්න ඕන කියලා.දැන් සාමන්‍ය CEFT එකකදි වගේ නම් කරන්නේ A ගිණූමට Log වෙලා B ගිණූමට සල්ලි යවන එකනේ.නමුත් Just Pay සේවාවෙදි ඔයා ලොග් වෙන්න ඕන B ගිණුමට.B ගිණූමට Log වෙලා A ගිණුමෙන් Topup කිරීමයි සිදු කරන්න ඕනේ.

මොනවද ඕන වෙන්නේ

  • කලින් උදාහරණෙම ගමුකෝ දැන් A ගිණුමෙන් සල්ලි යවනවනම් A ගිණුමේ Just Pay සේවාව Activate කරලා තියෙන්න ඕනේ.
  • ඒ වගේම B ගිණූමට අදාළ Digital Platform එකේ Just Pay වලින් Topup කරන්න පහසුකම් සලසල තියෙන්න ඕනේ.

කොහොමද Just Pay සේවාව Activate කරගන්නේ

සමහර බැංකු වල නම් මේ සේවාව වෙනම අරගන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.නමුත් ඇතැම් බැංකු වල මේ සේවාව වාර්ෂික හෝ මාසික අය කිරීමකට යටත්ව ලබා ගත යුතුයි.ඇතැම් බැංකු වල Just Pay සේවාව වෙනම සේවාවක් විදියට තියෙනවා වගේම ඇතැම් බැංකු වල මේ සේවාව SMS Alert පහසුකම සමගම ලැබෙනවා.ඉතින් වැඩිය හොදයි බැංකුවට මුලින් කියන්න ඔයාට Just Pay පහසුකම ලබාගන්න ඕන කියලා.එහෙම දෙයක් ගැන බැංකුවේ අය දන්නෙ නැත්නම් SMS Alert පහසුකම දෙන්න කියන්නකො 😆😂 එතකොට අදාළ Application එක පුරවලා පහසුකම ලබා ගන්න පුලුවන්.

වරකට කොපමණ මුදලක් Transfer කරන්න පුලුවන්ද?

වරකට Transfer කරන්න පුලුවන් මුදල කලින් නම් තිබුණේ Rs.10,000යි. නමුත් දැන් Rs.25000ක් දක්වා Transfer කරන්න පුලුවන්.

වාසි මොනවද?

  • කුඩා අගයන්ගෙන් යුතු මුදල් හුවමාරු කිසිදු අමතර මුදලක් වැය වීමකින් තොරව කළ හැකිවීම.
  • Transfer කිරීමේදී OTP එකක් අවශ්‍ය නොවීම.

වැදගත්

සමහර වෙලාවට Just Pay Facility එක තියෙන ගිණූමක් Connect කරනකොට එන OTP එක Phone එකේ Screened Messages වලට Save වෙනවා.ඒක නිසා මැසේජ් එක ආවෙ නෑ කියල බැංකුවට කෝල් කරන්න කලින් Screened Message වලත් Check කරන්න.

ප්‍රශ්න,අදහස් සහ ඔයාලගේ අත්දැකීම් පහළින් කමෙන්ට් කරන්න.මේ වගේ අලුත් ලිපියක් දාපු ගමන් දැනගන්න අපේ ෆේස්බුක් පේජ් එකත් ලයික් කරන්න.

Post a Comment

0 Comments