දැන් දැන් අනතර්ජාලය පාදක කරගත් ව්‍යවසායකයින් ලංකාවෙත් බිහිවීම වැඩි වෙලා තියෙනවා වගේම අලුතෙන් ඒ ක්ෂේත්‍ර්‍යට අත්පොත් තියන්න බලාගෙන ඉන්න පිරිසත් වැඩි වෙලා තියෙනවා. Websites,Dropshipping,Freenlancer කියන්නේ ඒ අතරින් ප්‍රධානම අංශයන් කිහිපයක්.මේ දෙක කරන අය දන්නවා මේවායින් වැඩි ලාභ ලබන්න පුලුවන් පිටරට Customersලට අපේ භාණ්ඩ හා සේවා අලෙවි කිරීම තුළින් තමයි.මේ වැඩේදි පැන නගින ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද පෛ පිටරට Customer Base එකක් අල්ලගන්නේ කොහොමද කියලා.Facebook,Youtube වගේ අපිට සමීප Social Media තුළීන් ලංකාවෙ Customerලට පණිවිඩය ගෙනියන්න ලේසි වුණාට Foreign Customer Base එකක් Target කරන්න අමාරුයි.ඒකට හොද විසදුමක් තමයි Pinterest.
Pinterest කියන්නෙත් Instagram වගේ Photos,Videos Base කරගත් Social Media එකක්.නමුත් වෙනස්කම් ගොඩක් තියෙනවා.ප්‍රධානම වෙනස තමයි Pinterest නමේ කියවෙන විදියෙන්ම අපේ Interest එක අනුව තමයි Content එක Feed කරන්නේ.උදාහරණයක් විදියට කියුවොත් ඔයා කාර් ගැන උනන්දුවක් තියෙන කෙනෙක් නම් ඔයාට පුලුවන් කාර් ගැන තියෙන Photos,Posts විතරක් පෙන්වන විදියට හදාගන්න.තමන්ට අවශ්‍ය විදියට Topics Create කිරීමේ සහ Manage කිරීමේ හැකියාව තියෙනවා.
වැදගත්ම දේ තමයි Link Share කිරීමට හැකියාව තියෙනවා.මේක ගොඩක් වැදගත් වෙයි Content Writersලට තමන්ගෙ Content එක Interest එකක් තියෙන Crowd එකකට Reach කරන්න.Dropshipping,Freelancing කරන අයටත් මේ නිසා උපරිම ප්‍රයෝජනයක් ගන්න පුලුවන්.මොකද Interest එකක් තියෙන කෙනෙක්ට ඔයාගේ Post එකක් පෙන්වන්න එයා ඔයාව Follow කරල තියෙන අවශ්‍ය වෙන්නේ නෑ.Pinterest එකේදි බලන්නේ Content එක Customer හොයන දේට හරියනවද කියන එක විතරයි.
වැඩිපුර ඉන්නේ Foreign Usersලා 😊
මේ නිසා අපිට Suggest වෙන්නේ වගේම අපේ Contents පවා Suggest වෙන්නේ Foreign Customer Base එකකට නිසා ඔයාගෙ Content එක ඒගොල්ලනට ලේසියෙන්ම ගෙනියන්න පුලුවන්.
මුලින්ම කියුවනේ මේක ලකාවෙ අපිට ගොඩක්ම වැදගත් වෙන්න පුලුවන් මොකටද කියලා.හැබැයි Social Media එකක් විදියටත් Use කරනවනම් නියම තැනක්.ලංකාවෙ Usersලනම් ගොඩක් අඩුයි.Facebook වගේ Memes වලට වඩා Photography පැත්තට බර Posts තමයි ගොඩක් Share වෙන්නේ.
Photographer කෙනෙක් නම් Pinterest Account එකක් අනිවාර්‍යෙන් වැදගත් වෙයි ඔයාගෙ නිර්මාණ වලට වටිනාකමක් දෙන්න.මොකද මං ඉස්සෙල්ල කියුව වගේ Content එක අනුව Suggetions එන නිසා Page හදාගෙන Likes එනකම් බලන් ඉන්න ඕන නෑ.Customer හොයන දේ ඔයාගාව තියෙනවනම් Customerට ඔයාගෙ Contents පෙන්වන නිසා.
ඔයාලගෙ අදහස් පහතින් කමෙන්ට් කරන්න.අලුත් ලිපියක් දාපු ගමන් දැනගන්න ලයික් කරන්න අපේ පේජ් එකත්.
ඔයාලගෙ අදහස් පහතින් කමෙන්ට් කරන්න.අලුත් ලිපියක් දාපු ගමන් දැනගන්න ලයික් කරන්න අපේ පේජ් එකත්.
0 Comments