මේ චෝදනාව කරන අයගෙන් බහුතරය චෝදනාව කරන්නේ කිසිම සාධකයක් පදනම් නොකරගෙන.කෙටියෙන් කියුවොත් "වෙනදට වගේ නෙවෙ ඉක්මනට ඉවර වුණා" කියන වාක්ය විතරයි කියන්නේ.ඩේට ගණනය කිරීමක් කරල නෙවෙයි.ඉතින් එහෙම චෝදනාවක් කරන්න කලින් බලමුද ඇත්තටම ඩේට වලට මොකද වුණේ කියල සහ මොකක්ද ඩේට වැඩිපුර කැපෙන එකට කරන්න පුලුවන් දේවල් කියලා.
මේ දවස් වල ඩේට වැඩිපුර කැපෙනවද? නැත්නම් වැඩිපුර කැපෙනව වගේ දැනෙනවද?
හැමෝම වගේ මේ දවස් වල ගෙදර.කරන්න වෙන වැඩකුත් නෑනේ.දවසම පෝන් එක,ලැප් එකත් එක්ක තමයි ගත වෙන්නේ.වෙනද වගේ නෙවෙයි සමාජ ජාලා වල ගත කරන වෙලාව දෙතුන් ගුණයකින් වැඩි වෙලා ඉතින් දන්නෙම නැතුව ඩේට ටික ඉවර වෙනවා.පැකේජ් එකත් ඒ හා සමානව ඉක්මනට ඉවර වෙනවා.මොකක්ද මේකට කරන්න පුලුවන්?
කොම්පැණිය Sure නැද්ද එහෙනම් අපිම වැය වෙන ඩේට ප්රමාණය ගණනය කරමු
- එක එක ඇප් එකට වැය වෙන Data ප්රමාණය වෙන වෙනම Real Time බලාගන්න වගේම අන්වශ්ය App වලට ඩේට වැයවීම වළක්වන්නත් Use කරන්න පුලුවන්. ඇප් එකක් තමයි "Datally" කියන්නේ.Datally ගැන සවිස්තර ලිපිය මෙතනින් කියවන්න. අනිත් එක තමයි කොහොමද ඩේට කැපුණේ කියල Report එකක් එන නිසා ඇත්තටම ඩේට වංචාවක් සමාගම් විසින් කරනවනම් ඒකත් බලාගන්න පුලුවන්. 😃
- Computer,Laptop වලට නම් Glasswire වගේ Software එකක් පාවිච්චි කරන්න පුලුවන්.Glasswire Software එක මෙතනින් Download කරගන්න.
සමාජජාල වල ඉන්න වෙලාව අඩු කරන්න බැරි නම් වැය වෙන ඩේට ප්රමාණය අඩු කරගමු
- මේ සදහා තියෙන විසදුම තමයි පාවිච්චි කරන Social Apps වල Lite Version භාවිතා කිරීම.දැනට Lite App භාවිතා නොකරන කෙනෙක් නම් පහත Lite Version වලට මාරු වෙන්න.Social Media වලට වැය වෙන Data ප්රමාණය කිහිප ගුණයකින් අඩු කරගන්න පුලුවන්.
- Facebook - Facebook Lite
- Twitter - Twitter Lite
- Youtube - Youtube Go
- නිකරුණේ සිංදු අහන්න විතරක් Youtube පාවිච්චි කරනවනම් YMUSIC ඇප් එක පාවිච්චි කරන්න Video වලට යන Data ටික ඉතුරු කරගන්න පුලුවන්.මේ ඇප් එකෙන් Youtube Video වල Audio Track එක විතරක් Play කරන්න පුලුවන්.මේ ඇප් එක ගැන ලියපු ලිපිය මෙතනින් කියවන්න.
දන්නෙම නැතුව Data වාෂ්ප කරන Updates
- PC එකක් පාවිච්චි කරනවනම් Windows Updates Off කරන්න.Windows 10 වල Updates Off කරන විදිය මෙතනින් කියවන්න.
- Phone එකේ ඇප්ස් Automatically Update වීම නවත්වන්න.
වැඩිපුර ඩේට කැපෙන එක සීමා කරගන්න පාවිච්චි කරන්න පුලුවන් උපක්රම ගැන ඉස්සරහටත් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ ලිපියෙන් කතා කළේ මේ දවස් වල කතා වෙන ප්රශ්නෙට ප්රධානම විසදුම් කීපයක් පමනයි.
ඇත්තටම ඩේට වංචාවක් වෙනවද? මොනවද ඔයාලගෙ අත්දැකීම්? ඩේට ඉතුරු කරගන්න ඔයා පාවිච්චි කරන ක්රම මොනවද? අනිත් අයටත් දැනගන්න පහළින් කමෙන්ට් කරන්න.අලුත් ලිපියක් දාපු ගමන් දැනගන්න අපේ ෆේස්බුක් පේජ් එකත් ලයික් කරන්න.👍
0 Comments