Hot Posts

6/recent/ticker-posts

Flash Digital Bank Account එක ගැන


ලංකාවේ Digital Bank Accounts ගැන කතා කරන ලිපි මාලාවේ දෙවන ලිපිය තමයි මේ දෙන්න හදන්නේ.Frimi,Flash,CIM මොකක්ද හොඳ? කියන ලිපියෙන් අපි කතා කළා Frimi ගැන.අපි මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ Commercial බැංකුව විසින් හඳුන්වලා දීල තියෙන Digital Bank Account එක වෙන Flash පිළිබඳව සමාලෝචනයක් කරන්න.
අනෙක් Digital Bank Accounts සමඟ සැසදීමේදී පැහැදිලි කැපීපෙනෙන වෙනස්කම් බොහොමයක් මේ ඇප් එකෙ බලාගන්න පුලුවන්.ප්‍රධානම වෙනස තමයි Flash Account එකක් Open කරනකොට ඔයාට බැංකු ගිණුම් දෙකක් විවෘත වෙනවා.ඒ Primary Account සහ Saving Account වශයෙන්.මින් Primary Account එක වියදම් කරන මුදල් තැන්පත් කිරීමටත් Savings Account එක ඉතුරුම් මුදල් තැන්පත් කිරීමටත් යොදාගන්න පුලුවන්.ඒ අනුව ගනුදෙනු සඳහා පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ Primiary Account එක.මේ Account එකේ තියෙන මුදල් වලට පොළියක් ගණනය වීමක් සිදුවන්නේ නැහැ.Saving Account එකේ තියෙන මුදල් වලට පමණයි පොළියක් ගණනය වීමක් සිදුවෙන්නේ.මේ නිසා Digital Bank Account එකක ප්‍රධානම අරමුණ වෙන ගෙවීම් කිරීමෙන් (Payments) එහාට ගිහින් පාරිභෝගිකයන් ඉතිරි කිරීමට යොමු කරවන ඇප් එකක් කියුවොත් නිවැරදියි.මේ App එකේ තියෙන Savings Goal කියන Feature එක මීට කදිම උදාහරණයක්.ඒ වගේම ඇප් එක හරහාම ස්තාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමට ඇති හැකියාව එකී කරුණ තවත් ප්‍රත්‍යක්ෂ කරනවා.මේ සරල හැඳින්වීමක් විතරයි.දැන් පටන් ගනිමු එක් එක් කරුණ යටතේ App එක ගැන සමාලෝචනය.


අතුරුමුණත

Frimi තරම්ම නැති වුණත් සාපේක්ෂව හොඳ Interface එකක් තියෙනවා.ඇප් එකේ මුලින්ම ආපු සංස්කරණ වල නම් ගොඩක් ප්‍රශ්න තිබුණ නමුත් Updates එක්ක ඒ Bugs ගොඩක් Fix කරලා තියෙනවා.

සපයන සේවාවන්

ජල බිල්පත්,විදුලි බිල්පත්,දුරකතන බිල්පත් සහ රීලෝඩ්,රක්ෂණ වාරික වගේ සේවාවන් විශාල ප්‍රමාණයකට Frimi වගේම ගෙවීම් කිරීමේ හැකියාව පවතිනවා.ඊට අමතරව කැපී පෙනෙන සේවාවන් කිහිපයක්ම දැකගන්න පුලුවන්.
  • ස්තාවර තැන්පතු-ගෙදර ඉඳන්ම Fixed Deposit එකක් දාන්න පුලුවන්.
  • රක්ෂණ පහසුකම්-ගෙදර ඉඳන්ම තමන්ටත් පවුලේ අයටත් ජීවිත රක්ෂණයක් ආරම්භ කරන්න.

සේවා ගාස්තු

Digital Bank Account එකකින් අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන CEFT Transfer වලට එහෙම නැත්නම් බැංකු බැංකු අතර ගනුදෙනු අමතර ගාස්තුවකින් තොරවම සිදු කිරීමේ හැකියාව තියෙනවා.

පොළිය

කලිනුත් කියුවනේ පොළියක් ගණනය වෙන්නේ Savings Account එකේ තියෙන මුදල් වලට පමණයි.මෙ ගිණුමේ තියෙන මුදල් වලට 3.25%ක පොළියක් ගණනය වෙනවා.ඊට අමතරව ස්තාවර තැන්පතු සදහා අදාළ පොළිය ගණනය වෙනවා.මේ පොළී අනුපාතය ස්තාවර තැන්පතුවේ කාලසීමාව අනුව වෙනස් වෙනවා.

මුදල් ආපසු ගැනීමේ හැකියාව

මුදල් Withdraw කරන්න Debit Card එකක් නොමිලේම හම්බවෙනවා.මේ Debit Card එක භාවිතයෙන් මුදල් ආපසු ලබා ගැනීමට පුලුවන්.මෙහිදී Commercial ATM වලින් මුදල් ගැනීමේදී රු.5.00ක ගාස්තුවක් අය වෙනවා.වෙනත් බැංකුවක ATM එකකින් මුදල් ගැනීමේදී අදාළ බැංකුව විසින් පනවන ගාස්තුව අය වෙනවා සාමාන්ය Commercial බැංකු ඉතුරු ගිණුමකට ලැබෙන Debit කාඩ් පතක වගේම.නමුත් අනෙක් බැංකු වලට සාපේක්ෂව ලංකාව පුරා විසිරුණු ATM ජාලයක් තියෙන නිසා Frimi,CIM වලට වඩා Flash Debit කාඩ් පතේ වාසියක් තියෙනවා.

මුදල් තැන්පත් කිරීමේ හැකියාව

Frimi වගේම Just Pay සේවාව හරහා සහ CDM යන්ත්‍ර ඔස්සෙ බැංකු Topup කරන්න පුලුවන්.ඊට අමතරව බැංකු කවුන්ටර ඔස්සේත් Primary Account එකට මුදල් තැන්පත් කිරීමේ හැකියාව පවතිනවා.

වැඩි දුර විස්තර සඳහා පිවිසෙන්න 👉 http://www.flashbank.lk/

මං හිතනවා Flash App එක ගැන සරල අවබෝධයක් සහ වෙනත් ඇප් වලින් මේ ඇප් එක වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන මේ ලිපියෙන් අදහසක් ඔයගොල්ලන්ට එන්න ඇති කියලා.අපැහැදිළි තැනක් තියෙනවනම් සහ ප්‍රශ්න තියෙනවනම් පහළින් කමෙන්ට් එකක් දාන්න.ඔයා Flash Use කරන Use කරපු කෙනෙක් නම් ඔයාගේ User Experience එක ගැනත් අදහසක් අනිවාර්‍යෙන්ම පහළින් දාන්න.

Post a Comment

1 Comments

  1. Coin Casino Review 2021 | No Deposit Bonus Codes
    The site boasts a variety of welcome bonuses, promotions 메리트 카지노 and games that can help you win. It's 인카지노 easy to navigate the 1xbet site for real money, and the bonus code

    ReplyDelete