Hot Posts

6/recent/ticker-posts

Digital Bank Accounts ගැන දැනගමු - LB CIM


ලංකාවේ Digital Bank Accounts ගැනයි මේ ලිපි පෙළේ තුන්වෙනි ලිපිය තමයි මේ දෙන්න යන්නේ.කලින් ලිපි දෙකකදි අපි Frimi සහ Flash ගැන කතා කරා.ඒ ලිපි කියෙව්වෙ නැත්නම් පහළ ලින්ක් වලින් ගිහින් කියවන්න.මේ ලිපියෙ අන්තිමට මොකක්ද හොඳම ඇප් එක කියන එක ගැනත් කතා කරමු 😇


LB Finance ආයතනය මගින් හඳුන්වාදීපු Digital Bank Account එක තමයි LB CIM කියන්නේ.ඉතාමත් මෑතකදී හඳුන්වලා දීපු ඇප් එකක් නිසා දැනට Frimi,Flash තරම් Payment Fatures නැති වුණත් පාරිභෝගිකයන්ගේ අවදානය දිනාගන්න LB CIM වලට හැකියාව ලැබිලා තියෙනවා.කලින් ලිපි වලදි අපි සමාලෝචනය කලා වගේම දැන් බලමු එක් එක් කරුණ යටතේ LB CIM කියන්නේ මොනවගේ ඇප් එකක්ද? අනිත් ඒවාත් එක්ක සංසන්ඳනයේදී තියෙන් වාසි අවාසි මොනවද කියලා.

අතුරුමුහුණත

Frimi,Flash ගැන කතා කරද්දි අපි "ආකර්ෂණීය අතුරුහුණතක්" කියන වචනය භාවිතා කළා.ඒ වගේම ගොඩක් Features අතුරුමුණතේ දැකගන්න පුලුවන් වුණා.නමුත් LB CIM ඇප් එකේදි ඔයාට හම්බවෙන්නේ ඉතාමත් සරල අතුරුමුහුණතක්.දැනට LB CIM මගින් සපයන සේවාවන් වල සීමිත බවත් මේකට හේතුවක් වෙන්න ඇති.වැඩි වැඩ නැති Interface එකක් වගේම ගොඩක් වැඩ කෑලි වැඩි වුණාම අව්ල් යන කට්ටියට නම් LB CIM හොඳ තේරීමක්.

සපයන සේවාවන්

කලිනුත් කියුවනේ දැනට ඇප් මගින් සපයන්නේ පහත සේවාවන් පමණයි.

  • බැංකු බැංකු අතර මුදල් හුවමාරු කිරීම
  • Mobile Reloads දැමීම
  • ලීසිං සහ ණය වාරික ගෙවීම

සේවා ගාස්තු

Digital Bank Account එකෙන් ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන බැංකු බැංකු අතර මුදල් හුවමාරු කිරීම කිසිදු ගාස්තුවකින් තොරව සිදුකිරීමේ හැකියාව තියෙනවා.

පොළිය

LB CIMහි කැපීපෙනන පොළියක් ලබා දෙනවා Frimi,Flashට සාපේක්ෂව.ලබා දෙන ඉහළම පොළිය වන 6.25%ක පොළිය ලබා ගැනීමට පවා Account එකේ තිබිය යුතු අවම ශේෂය රු.5000ක් පමණයි.මුදල් ඉතිරි කිරීමේ බලාපොරොත්තුවෙන් Digital Bank Account එකක් හොයන කෙනෙක් නම් LB CIM හොඳම තේරීමයි.

මුදල් ආපසු ගැනීමේ හැකියාව

Frimi,Flash වගේම LOLC ඩෙබිට් කාඩ් පතක් සඳහා Apply කිරීමේ හැකියාව තියෙනවා.Lanka Pay ATM ජාලයට අයත් ඕනෑම් බැංකුවකින් මුදල් ආපසු ලබා ගන්නට පුලුවන්.මේ සඳහා සේවා ගාස්තු ලෙස රු .15.00ක් අය වෙනවා.ඒ වගේම LB Finance ශාඛා වලින්ද මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

මුදල් තැන්පත් කිරීමේ හැකියාව

වෙනත් බැංකුවක ගිණුමක් LB CIM Acccount එකට Connect කරලා Just Pay සේවාව හරහා Account එක Topup කිරීමට පුලුවන්.

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න 👉 මෙතනින්

මගේ තේරීම


Frimi,Flash,CIM ගැන ඔයාලට සරල අවබෝධයක් මේ ලිපි වලින් එන්න ඇති කියලා හිතනවා.ඉතින් ඔයගොල්ලනට තේරෙන්න ඇති ඇප් තුනේම එකිනෙකට වෙනස් හොඳ නරක තියෙනවා කියලා.ඒ නිසා මම නම් පෞද්ගලිකව ඇප් තුනම Use කරනවා.මේ නිසා අපිට මේකයි හොඳ කියලා කෙළින්ම තේරීමක් කරන්න බැහැ.ඒ නිසා අපි මෙතෙක් සමාලෝචනය කරපු විදියටම ඇප් තුන ගැන අවසාන වශයෙන් මෙහෙම සාරාංශයක් කරන්න පුලුවන්.මේක ඔයාලගේ User Experience එක සහ අවශ්‍යතාවය අනුව වෙනස් වෙන්න පුලුවන්.ඔයාල කොහොමද මේ ඇප් තුන Rate කරන්නේ.පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්‍යෙන්ම.

  • අතුරුහුණත - Frimi (හැබැයි සරල Interface එකක් හොයන අයට නම් LB CIM)
  • සපයන සේවාවන් - Frimi (මෙතෙන්දි බැලුවේ Payment එකක් කරන්න තියෙන පහසුව සහ කොච්චර Merchantsලා Support කරනවද කියන එක)
  • සේවා ගාස්තු - Flash (CIM ඇප් එකත් නොමිලේ CEFT Transfer කරන්න පුලුවන් වුණත් අනිත් සේවාවන් වල හිඟකම නිසා මෙතනට Flash තේරුවේ.)
  • පොළිය - LB CIM (Flash ඇප් එකේ Fixed Deposits වල පොළිය වැඩි වුණත් මෙතනදි බැලුවේ Savings Account එකට ගෙවන පොළිය ගැන)
  • අරමුණක් වෙනුවෙන් ඉතුරු කරන අයට - Flash (Flash App එකේ Savings Goal Feature එක තමයි මේක විශේෂයෙන් සඳහන් කරන්න හේතුව)
  • මුදල් ආපසු ගැනීමේ හැකියාව - Flash (Commercial බෑන්ක් ATM එකක් හොයාගන්න තියෙන පහසුව)
  • මුදල් තැන්පත් කිරීමේ හැකියාව - Flash (ශාඛාවන් විශාල ප්‍රමාණයක් සහ CDM යන්ත්‍ර වල සුලබ බව)
ලිපි පෙළ ගැන ඔයාලගෙ අදහසත් පහළින් කමෙන්ට් කරන්න.ඉස්සරහට දාන අලුත් ලිපි ගැන දැනගන්න Facebook Page එකට Like කරන්නත් අමතක කරන්න එපා.


Post a Comment

0 Comments