ඔයාගේ ලැප්ටොප් එකට PC එකට Android දාගන්න පුලුවන් විදියක් ගන තමයි අද කියන්න යන්නේ.මේ හරහා ඔයාට පුලුවන් ඔයා ඔයාගේ Android Device එකේ Run කරන Apps සහ Games පරිගණකයෙන් Run කරන්න.විශේෂයෙන්ම Gamersලට Full Scren එකක Game Play කරන්න වගේම ඔයාගේ Android Device එක අඩු RAM සහ Storage එකක් තියෙන Device එකක් නම් මේ හරහා ඔයාලට පුලුවන් පරිගණකයෙන් ඒ Games Play කරන්න.එහෙනම් වැඩෙ පටන් ගමු.
මේ වෙනකොට මේ වගේ Android Based Operating කිහිපයක්ම දැකගන්න පුලුවන්.අද අපි කියල දෙන්න යන මේ ක්‍රමේ සඳහා අපි භාවිතා කරන්නේ Phoenix OS කියන Android Based මෙහෙයුම් පද්ධතියයි.වැඩි කතා ඕන නෑ වැඩේ පටන් ගමු.
  1. මුලිනම Phoenix OS Setup File එක පහළ ලින්ක් එකෙන් ගිහින් Download කරග්න්න.(ISO File එක Download කිරීමට අවශ්‍ය නැත)
  2. Setup එක Double ක්ලික් කරලා Run කරන්න.
  3. Install ලබා දෙන්න.
  4. ඊට පස්සෙ ඔයාට OS එක Install කරන්න ඕන Partition එක තෝරන්න.මේ Partition එකේ ඊළඟ පියවරේදි ඔයා Phoenix OS එක වෙනුවෙන් Create කරන Virtual Storage එකේ Size එකට සරිලන ප්‍රමාණයක් තිබිය යුතුයි.
  5. දැන් ඔයා Phoenix OS එකට කොච්චර ඉඩ ප්‍රමාණයක් වෙන්කරනවද කියන එක Select කරන්න.(හොඳ Performance වලට පුලුවන් තරම් ඉහළ අගයක් ලබා දෙන්න)
  6. Desktop එකේ තියෙන Phoenix OS කියන Shortcut එක Double Click කරන්න.
  7. Installation එක Complete කරන්න Reboot Now දෙන්න.
  8. දැන් PC එක Restart වෙනකොට ඔයාගෙන් අහනව මොන OS එකද Run කරන්න ඕන කියලා එතකොට Phoenix OS කියල දෙන්න.

Screenshots

            



ප්‍රශ්න තියෙනවනම් සහ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න ඕන නම් පහළින් කමෙන්ට් එකක් දාන්න.බ්ලොග් එකේ ලිපියක් පළ කරපු සැණින් දැනගන්න අපේ Facebook Page එකටත් Like එකක් දාන්න.