Hot Posts

6/recent/ticker-posts

Frimi,Flash,CIM මොකක්ද හොඳ?


ලංකාවේ Digital Bank Accounts ගැනයි මේ ලිපියෙන් අපි කතා කළා Digital Bank Account එකක් කියන්නේ මොකක්ද,වාසි මොනවද Mobile Wallet වලින් Digital Bank Accounts වෙනස් වෙන්නේ කොහොමද පිළිබදව.මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දැනට ලකාවේ තියෙන ප්‍රධානම Digital Bank Accounts තුනක් වන Frimi,Flash,CIM කියන ඇප් තුන පිළිබදව හොද නරක පොඩි සමාලෝචනයක් කරන්න.මෙතෙන්දි අපි ඇප් එකේ අතුරුමුහුණත,සපයන සේවාවන්,සේවා ගාස්තු,පොළිය,මුදල් ආපසු ගැනීමේ හැකියාව,Topup කිරීමට ඇති ක්‍රම කියන කරුණු ගැන තමයි විමසා බලන්නේ.

Frimi


Nations Trust බැකුවේ හදුන්වාදීමක් වෙන Frimi App එක Digital Wallets කියන Concept එක මිනිස්සු අතරට ගෙනිච්ච ඇප් එක කිව්වොත් හරි.මුලදි ආකර්ෂණීය Promotions ගොඩක් වගේම සම්පූර්ණයෙන්ම පාහේ සියලුම සේවා නොමිලේ සපයපු මේ ඇප් එක පසුකාලීනව සේවාවන් සදහා විවිධ සේවා ගාස්තු අය කිරීම නිසා අප්‍රසාදයට ලක් වුණා.කොහොම වුණත් මේ ඇප් වැඩියෙන්ම Merchants Availability එකක් තියෙන ඇප් එක විදියට Frimi හදුන්වන්න පුලුවන්.

අතුරුමුහුණත

ගොඩක් User Friendly වගේම Attractive Interface එකක් තියෙනවා.

සපයන සේවාවන්

කලිනුත් කියුවනේ දැනට ගොඩක් Merchantsල අතර මේ අතරින් ජනප්‍රියම ඇප් එක මේක. Pickme Payments කරන්න වෙනම Option එකක් සපයල තියෙනවා.ජල බිල්පත්,විදුලි බිල්පත් ඇතුලු විශාල Payeesල ප්‍රමාණයකට ගෙවීම් කිරීමේ හැකියාව තියෙනවා.සපයන සේවාවන් අතින් නම් ඇත්තටම කියන්න වරදක් නැති තරම්.

සේවා ගාස්තු

Frimi ගොඩක් අය භාවිතා කිරීමෙන් වැළකෙන්න හේතුව තමයි මේ.බැංකු බැංකු අතර මුදල් හුවමාරු කිරීමෙදී රු.35.00ක ගාස්තුවක් අය වෙනවා.Mobile Wallets අතර තරගකාරී වෙළදපොළේදී Frimi පසුබෑමට විශාලම හේතුව මේක විදියට හදුන්වන්න පුලුවන්.

පොළිය

Wallet එකේ Balance එක රු.10,000ට අඩු නම් කිසිම පොළියක් ගණනය වෙන්නේ නෑ වගේම රු.10,000 සිට රු.50,000 දක්වා ගණනය වන්නේත් 2.5%ක් වගේ ඉතා කුඩා අගයක්. වැඩිම අගය වන 5.5% පොළියක් ගන්නත් අවම ශේෂය රු.500,000ක් විය යුතුයි. මේ නිසා Frimi සල්ලි ඉතුරු කරන්න හොද ඇප් එකක් විදියට නම් කොහෙත්ම  Recommend කරන්න බෑ.

මුදල් ආපසු ගැනීමේ හැකියාව

Nations Trust ATM  යන්ත්‍ර ඔස්සේ මුදල් කාඩ් පතක් රහිතව ලබා ගැනීමේ හැකියාව තියෙනවා.ඊට අමතරව Frimi Debit කාඩ් පතක් අයදුම් කිරීමෙන් ඒ හරහා Lanka Clear ATM ජාලයට අයත් ඕනෑම බැංකුවක ATM යන්ත්‍රයක් හරහා මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාවත් තිබෙනවා.මුලදි ඕනෑම ATM යන්ත්‍රයක් හරහා මුදල් ලබා ගැනීමේදී කිසිදු ගාස්තුවක් අය නොකෙරුණත් පසුව රු.35.00ක ගාස්තුවක් අය කිරීමත් Frimi පාරිභෝගිකයන් ඈත්වීමට ප්‍රධානම හේතුවක් වුණා.කෙසේ වෙතත් NTB ATM යන්ත්‍ර වලින් මුදල් ගැනීමේදී ගාස්තුවක් අය වෙන්නේ නෑ.

මුදල් තැන්පත් කිරීමට ඇති ක්‍රම

Nations Trust මුදල් තැන්පතු යන්ත්‍ර හරහා මුදල් තැන්පත් කරන්න පුලුවන්.ඊට අමතරව වෙනත් බැංකුවක ගිණුමක් Add කරලා Just Pay සේවාව හරහා Topup කිරීමේ හැකියාවත් තියෙනවා.

සාරාංශය

බිල්පත් ගෙවීම ඇතුළු සියලුම සපයන සේවාවන් අතින් ඉහළින්ම තියන්න පුලුවන් වුණත් බැංකු බැංකු අතර මුදල් Transfer කිරීමට Frimi භාවිතා කිරීම නම් අවාසියක්.ඒ වගේම NTB ATM වලින් මුදල් ආපසු ගැනීමෙදී ගාස්තුවක් අය නොවුණත් NTB ATM යන්ත්‍රයක් සොයා ගැනීම නම් අපහසු කටයුත්තක් වෙනත් බැංකු වලට සාපේක්ෂව.ඒ වගේම පොළියක් බලාපොරොත්තුවෙන් Account එකක් Open කරනවනම් Frimi කියන්නේ හොද තේරීමක් නෙවෙයි.නමුත් දැනට Merchantsල විශාලම ප්‍රමාණයක් භාවිතා කරන ඇප් එක Frimi.මේ නිසා එදිනෙදා Shopping,Dininning වගේ දේවල් වලටත් Digital Account එකම Use කරන්න බලාපොරොත්තු වෙනවනම්  සුදුසුම ඇප් එක තමයි Frimi.

මීළග ලිපියෙන් කතා කරමු Commercial Bank එකේ Flash ඇප් එක පිළීබදව.මේ ලිපියෙ අඩු පාඩු තියෙනවනම්,ඔයා Frimi Use කරල තියෙනවනම් කොහොමද අත්දැකීම,ඉදිරි ලිපි වලදි මොනවගේ දේවල්ද ඕනේ කියල පහළ Comment Section එකේ Comment කරන්න.

Post a Comment

0 Comments