Hot Posts

6/recent/ticker-posts

Torrent ඩවුන්ලෝඩ් Cloud ඩවුන්ලෝඩ් වලට හරවමු


නිතර දෙවේලේ Movies ඩවුන්ලෝඩ් කරන අයට ඉතාමත් වැදගත් වෙන පෝස්ට් එකක් තමයි දෙන්න යන්නේ.වැඩි කතා ඕන නෑ වැඩේට බහිමු 😉
අපි කවුරුත් වගේ විශ්වාසයෙන් හොදම කොපියක් බාන්න යන වෙබ් සයිට් එකනෙ YIFY Torrent (yts.am).ඔන්න ඒ වෙබ් සයිට් එකෙන් Movie එකක් ලේසියෙන්ම Download කරන විදිය තමයි මම මේ පෝස්ට් එකේ කියල දෙන්නේ.ඒත් ඕනම ටොරන්ට් එකකට මම මේ කියල දෙන Method එක Use කරන්න පුලුවන්.වැඩේට වෙබ්සයිට් තුනක සහය අපිට ගන්න වෙනවා.
  1. YIFY Torrents - ටොරන්ට් ෆයිල් එක බාගන්න
  2. Seedr.cc - ටොරන්ට් එක  Cloud එකට Upload කරන්න.
  3. Multcloud - Seedr එකට ඩවුන්ලෝඩ් කරපු ටොරන්ට් එක Google Drive,Dropbox වගේ හොද Cloud Service එකකට Transfer කරන්න
Seedr සහ MultCloud ගැන කලින් ලිපි වලදි කතා කරපු නිසා ඒ ගැන වැඩිපුර කතා කරන්න යන්නෑ.ඒ ලිපි කියවපු නැති අය පහළ ලින්ක් වලින් ඒ ලිපි දෙක කියවල ඉන්න එක වැඩේට ලේසියි.
YIFY  එකෙන් ෆිල්ම්ස් බාන්න නම් නම් Account එකක් හදන්න අව්ශ්‍ය නෑ.නමුත් අනිත් දෙකෙන් වැඩ ගන්න නම් අනිවාර්‍යයෙන්ම Account එකක් හදන්න වෙනවා.දැනට Account එකක් නැති අය සයිට් දෙකට ගිහින් සාමන්‍ය විදියට Account දෙකක් හදාගන්න.එහෙනම් වැඩේ පටන් ගමු.
මුලින්ම YIFY එකෙන් Torrent File එකේ URL එක කොපි කරගන්න.(ඕනම සයිට් එකක Torrent එකකට පුලුවන්.මේක උදාහරණයක් විතරයි)

දැන් Seedr.cc එකට ගිහින් ඔය පෙන්නලා තියෙන තැනට කොපි කරගත්තු URL එක Paste කරලා Enter Key එක ඔබන්න.

දැන් Seddr එකෙන් Torrent File එක Cache Upload කරන්න පටන් ගන්නවා.Torrent File එකේ Seeding අනුව මේකට ගත වෙන වෙලාව වෙනස් වෙන්න පුලුවන්.ගොඩක් Seeding තියෙන Torrent එකක් නම් ඉතාමත් සුලු කාලයක් ඇතුළත වැඩේ Complete වෙනවා.
ඊට පස්සේ Torrent Folder එක Open කරලා Video File එක උඩ Right Click කරලා Copy Download Link දෙන්න.
ඊට පස්සේ Mult Cloud Account එකට Log වෙලා පහත පිළිවෙලට File එක තමන්ට අවශ්‍ය Cloud Drive එකකට Upload කරගන්න.




Uploading Progress එක පහල විදියට බලාගන්න පුලුවන්.



කෙනෙකුට හිතෙන්න පුලුවන් ඇයි Seedr.cc එකෙන් කෙලින්ම Download කළේ නැත්තේ  කියලා.ප්‍රධානම හේතු කීපයක් තියෙනවා.පළවෙනි දේ තමයි ස්පීඩ් එක.දෙවෙනි දේ තමයි Seedr.cc එකෙන් ලබා දෙන Download Link එක Resumable Link එකක් නොවීම.අනිත් දේ තමයි Cloud Drive එකකට Upload කළාම අපිට අවශ්‍ය දවසක File එක Download කරගන්න පුලුවන් වීම.
වැදගත් දෙයක් තමයි Seedr.cc එකෙන් ගන්න ඕන Video එකේ Download Link එක මිසක Folder එකේ Download ලින්ක් එක නෙමෙයි.මොකද Folder එකේ Download Link එකෙන් Download වෙන්නේ Generate වුන Zip File එකක්.ඒ නිසා ඒ Download Link එක MultCloud වලට Support කරන්නේ නෑ.ඒ නිසා Download Link එක ගන්නකොට Video File එකේ Download Link එකම ගන්න.

පැහැදිලි නැති තැනක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න.

Post a Comment

0 Comments